නානුඔය මාරක අනතුරින් කුඩා ළමුන් තිදෙනෙකුට දිවි අහිමි වෙයි

නානුඔය – රදැල්ල ප්‍රදේශයේ ඊයේ (20) සිදුවූ බිහිසුණු රිය අනතුරෙන් ළමුන් තිදෙනෙක් මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 13ක පිරිමි ළමයෙක් සහ වයස අවුරුදු 12 සහ 08 යන වයස්වල පසුවූ ගැහැණු ළමුන් දෙදෙනක් බවයි පොලිසිය වැඩිදුරත් වාර්තා කරන්නේ.

මීට අමතරව තවත් සිව්දෙනෙක් මෙම අනතුරුන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන් වයස අවුරුදු 26, 27 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ 43 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස නානුඔය සහ හැටන් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම අනතුරින් මියගිය සංඛ්‍යාව 07ක් බව පොලිසිය සඳහන් කරන අතර, තුවාල ලැබූ 53 දෙනෙකු නුවරඑළිය රෝහලට ඇතුළත්කර ඇති බවයි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අධ්‍යාපන චාරිකාවක් සඳහා ගොස් නුවරඑළිය දෙස සිට හැටන් දෙසට ධාවනය වූ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක් සහ වෑන් රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇති අතර, ත්‍රි රෝද රථයක් ද මෙම අනතුරට මැදිව තිබෙනවා.

අනතුරෙන් පසු බස් රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ප්‍රපාතයකට ඇදී ගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරින් බස් රථයේ සිටි පාසල් ළමුන් කිසිවෙකුටවත් ජීවිත හානියක් සිදුව නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14
Video thumbnail
පහුගිය ආණ්ඩු දෙක තවම තිබ්බනම් පොළේ එළවළු ගානටම කුඩු විකුණයි - හීනෙන් ඇහැරිලා වගේ කෑගහනවා
07:33
Video thumbnail
මැණික් ව්‍යාපාරිකයින් පුදුම කළ නාමල්ගේ උත්තරේ - ජනාධිපති වුණොත් මැණික් කර්මාන්තයට මොකද කරන්නේ ?
07:47
Video thumbnail
ඔයාගේ කනේ ඩෙසිබල් මීටරයක් එනවද ?හරි මම බලාගන්නම්කෝ උසාවියේදී ලස්සනට ඒක
06:01
Video thumbnail
ඔයත් ඊශ්‍රාලයට යන්න හීන දකින කෙනෙක්ද ?මේ කරුණු නොදැන යන්න හිතන්නවත් එපා
02:48
Video thumbnail
හයි කැපෑසිටි බයික් ගැන නාමල් කිව්ව දේ - මගේ මතය නම් 1200ccවලට අවසරය දෙන්න ඕනි
01:35
Video thumbnail
මිරිස්ස ධිවර වරායේ උණුසුම් තත්ත්වයක් - "මම විද්‍යාඥයෙක්නම් නාසා එකේ ඉන්න එපැයි"
02:04
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නාමල් කට අරියි - හිටියත් එකයි නැතත් එකයි අදාළ වියදම් ටික යනවා
02:02