spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නානුඔය මාරක අනතුරින් කුඩා ළමුන් තිදෙනෙකුට දිවි අහිමි වෙයි

නානුඔය – රදැල්ල ප්‍රදේශයේ ඊයේ (20) සිදුවූ බිහිසුණු රිය අනතුරෙන් ළමුන් තිදෙනෙක් මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 13ක පිරිමි ළමයෙක් සහ වයස අවුරුදු 12 සහ 08 යන වයස්වල පසුවූ ගැහැණු ළමුන් දෙදෙනක් බවයි පොලිසිය වැඩිදුරත් වාර්තා කරන්නේ.

මීට අමතරව තවත් සිව්දෙනෙක් මෙම අනතුරුන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන් වයස අවුරුදු 26, 27 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ 43 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස නානුඔය සහ හැටන් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම අනතුරින් මියගිය සංඛ්‍යාව 07ක් බව පොලිසිය සඳහන් කරන අතර, තුවාල ලැබූ 53 දෙනෙකු නුවරඑළිය රෝහලට ඇතුළත්කර ඇති බවයි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අධ්‍යාපන චාරිකාවක් සඳහා ගොස් නුවරඑළිය දෙස සිට හැටන් දෙසට ධාවනය වූ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක් සහ වෑන් රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇති අතර, ත්‍රි රෝද රථයක් ද මෙම අනතුරට මැදිව තිබෙනවා.

අනතුරෙන් පසු බස් රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ප්‍රපාතයකට ඇදී ගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරින් බස් රථයේ සිටි පාසල් ළමුන් කිසිවෙකුටවත් ජීවිත හානියක් සිදුව නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?