ඕමානයේ අතරමංව සිටි තවත් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසක් දිවයිනට (ඡායාරූප)

ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් යළි මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 14 දෙනෙකු අද (20) අලුයම කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට පැමිණියා.

මොවුන් අතර සිටි ගෘහ සේවිකාවන් 06 දෙනෙකු එරටේ දී විවිධ ප්‍රශ්නවලට භාජනය වී, පසුව ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුබද්ධිත ‘සුරක්ෂා’ රැඳවුම් නිවාසයේ රඳවා තබා සිටි අය බවයි වාර්තා වුණේ.

මීට අමතරව තවත් ගෘහ සේවිකාවන් 08 දෙනෙකු ඔවුන් සේවය කළ නිවාසවල දී සුළු වැරදිවලට චෝදනා ලබා එරට කම්කරු උසාවියෙන් වැරදිකරුවන් වී පිටුවහල් කළ යද වන බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

අද දිනයේ පැමිණි එම ගෘහ සේවිකාවන් පිරිස අතර ගර්භණී තත්ත්වයේ පසු වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් ද සිරින බවයි වාර්තා වන්නේ.

මෙම ගෘහ සේවිකාවන් පිරිස අද (20) අලුයම 04.50ට ඕමානයේ මස්කට් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 206 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගෘහ සේවිකාවන් පිරිස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් භාර ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ නිවාස වෙත යැවීමට පියවර ගෙන තිබෙනවා.

IMG 20230120 WA0017
IMG 20230120 WA0018
IMG 20230120 WA0019
IMG 20230120 WA0016


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43
Video thumbnail
සර් සර් විනාඩියක්
00:46