spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඕමානයේ අතරමංව සිටි තවත් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසක් දිවයිනට (ඡායාරූප)

ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් යළි මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 14 දෙනෙකු අද (20) අලුයම කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට පැමිණියා.

මොවුන් අතර සිටි ගෘහ සේවිකාවන් 06 දෙනෙකු එරටේ දී විවිධ ප්‍රශ්නවලට භාජනය වී, පසුව ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුබද්ධිත ‘සුරක්ෂා’ රැඳවුම් නිවාසයේ රඳවා තබා සිටි අය බවයි වාර්තා වුණේ.

මීට අමතරව තවත් ගෘහ සේවිකාවන් 08 දෙනෙකු ඔවුන් සේවය කළ නිවාසවල දී සුළු වැරදිවලට චෝදනා ලබා එරට කම්කරු උසාවියෙන් වැරදිකරුවන් වී පිටුවහල් කළ යද වන බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

අද දිනයේ පැමිණි එම ගෘහ සේවිකාවන් පිරිස අතර ගර්භණී තත්ත්වයේ පසු වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් ද සිරින බවයි වාර්තා වන්නේ.

මෙම ගෘහ සේවිකාවන් පිරිස අද (20) අලුයම 04.50ට ඕමානයේ මස්කට් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 206 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගෘහ සේවිකාවන් පිරිස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් භාර ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ නිවාස වෙත යැවීමට පියවර ගෙන තිබෙනවා.

IMG 20230120 WA0017
IMG 20230120 WA0018
IMG 20230120 WA0019
IMG 20230120 WA0016
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?