හෙරොයින් ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 800ක් සන්තකයේ තබාගෙන සිටි මහරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරක් මත විශේෂ කාර්ය බලකාය විසින් පසුගිය දා (18) සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර මහරගම, උඩහේන පාර ප්‍රදේශයේ දීයි ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගැනුණු සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මාතර, තිහගොඩ පොලිස් ස්ථානය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.
සැකකාර කාන්තාවගේ ස්වාමිපුරුෂයා වන දිනේෂ් මදුසංඛ නොහොත් ‘බුලා’ යන අය දැනට රක්ෂිත බණ්ධනාගාර ගතව සිටින බවයි වාර්තා වන්නේ.
සැකකාරිය මීට පෙර ඝාතනයට ලක් වූ එම්.ඩබ්. මදුර ලක්ෂිත නොහොත් ‘මිදිගම හිච්චි මල්ලි’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා සමඟ සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක නොහොත් ‘හරක්කටා’ නැමැත්තා සමඟ ද අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මැය විසින් හරක්කටා නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවරම් කටයුතු මෙහෙයවා ඇති බවයි හෙළිව ඇත්තේ.
හරක්කටාගේ උපදෙස් පරිදි ටීනා නැමැති මෙම සැකකාරිය විසින් එම්.ඩබ්. මදුර ලක්ෂිත නොහොත් ‘මිදිගම හිච්චි මල්ලි’ ඝාතනය සැලසුම්කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
















GENIGE LOKU PAPUWAYI MAHATHA INAYI DAKKA HITHENAWA HARAK RELAKMA UDA NEGALA THIYENA BAWA.