හරක්කටාගේ අනියම් බිරිඳ ‘ටීනා’ මහරගම දී විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට (ඡායාරූප)

හෙරොයින් ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 800ක් සන්තකයේ තබාගෙන සිටි මහරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත විශේෂ කාර්ය බලකාය විසින් පසුගිය දා (18) සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර මහරගම, උඩහේන පාර ප්‍රදේශයේ දීයි ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මාතර, තිහගොඩ පොලිස් ස්ථානය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

සැකකාර කාන්තාවගේ ස්වාමිපුරුෂයා වන දිනේෂ් මදුසංඛ නොහොත් ‘බුලා’ යන අය දැනට රක්ෂිත බණ්ධනාගාර ගතව සිටින බවයි වාර්තා වන්නේ.

සැකකාරිය මීට පෙර ඝාතනයට ලක් වූ එම්.ඩබ්. මදුර ලක්ෂිත නොහොත් ‘මිදිගම හිච්චි මල්ලි’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා සමඟ සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක නොහොත් ‘හරක්කටා’ නැමැත්තා සමඟ ද අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මැය විසින් හරක්කටා නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවරම් කටයුතු මෙහෙයවා ඇති බවයි හෙළිව ඇත්තේ.

හරක්කටාගේ උපදෙස් පරිදි ටීනා නැමැති මෙම සැකකාරිය විසින් එම්.ඩබ්. මදුර ලක්ෂිත නොහොත් ‘මිදිගම හිච්චි මල්ලි’ ඝාතනය සැලසුම්කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39