රඹුක්කන ද්විත්ව ඝාතනයට හතරක් පුත්තලමේ දී මාට්ටු

රඹුක්කන, හූරියමලුව ප්‍රදේශයේ දී තරුණයින් දෙදෙනෙකුට පහර දී ඝාතන කර නිවසක් පිටුපස වළ දැමීමේ සිද්ධියට අදාළව සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෑගල්ල අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරක් මත මොවුන් පුත්තලම ප්‍රදේශයේ සැඟව සිටිය දී ඊයේ (19) දින අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 29,24 සහ 35 යන වයස්වල පසුවන රඹුක්කන, මාවනැල්ල සහ පුත්තලම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.

සැකකරුවන් අද (20) දින කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?