බොරැල්ලේ වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් කේන්ද්‍ර කරගනිමින් සිදුවන බව කියන වකුගඩු ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනෙකු ලබන 31 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප්‍රධාන සැකකරු බව කියන පුද්ගලයා අද බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළා.

ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් ප්‍රධාන තැරැව්කරුවකු වන සුපුන් සංජීව හෙවත් සදුන් , වැල්ලම්පිටිය සහ කොලොන්නාව ප්‍රදේශය බාර ග්‍රාම නිලධාරී සමන් පෙරේරා සහ රාජගිරිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියෙකු වන උපුල් ඉන්ද්‍රජිත් පෙරේරා යන සැකකරුවන් තුන් දෙනා ද කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සුපුන් සංජීව නැමැති සැකකරු කොළඹ මෝදර, මට්ටක්කුලිය ප්‍රදේශ වල දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයින් වකුගඩු ලබාදීම සඳහා පොළඹවමින් මෙම ජාවාරමට සම්බන්ධ වූ තවත් ප්‍රධාන තැරැව්කරුවකු බව සඳහන් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ග්‍රාම නිලධාරීන් දෙදෙනාද ව්‍යාජ ග්‍රාම නිලධාරී සහතික නිකුත් කරමින් මෙම ජාවාරමට හවුල් වී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා.

සැකකාර සමන් පෙරේරා නැමැති ග්‍රාම නිලධාරියා අබුඩාබි පුරවැසියෙකු වෙනුවෙන් වකුගඩු සැත්කමක් සඳහා ග්‍රාම නිලධාරී සහතික නිකුත් කර ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා විදේශිකයින්ට ශ්‍රී ලංකාව තුළ වකුගඩු සැත්කම් සිදු කිරීම තහනම් කර තිබියදී ඔහු එම නීති විරෝධී ක්‍රියාවේ නිරත වී ඇති බවත් පෙන්වා දුන්නා.

ඊට අමතරව උපුල් ඉන්ද්‍රජිත් පෙරේරා නැමැති ග්‍රාම නිලධාරියාද වකුගඩුවක් පරිත්‍යාග කිරීම සඳහා යාපනය ප්‍රදේශයේ සිටින පුද්ගලයෙකු රාජගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටින බව සඳහන් කරමින් ව්‍යාජ ග්‍රාම නිලධාරී සහතික නිකුත් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් ඔහු කියා සිටියා.

මෙය ඉතා භයානක තත්ත්වයක් බවත් අධිකරණ වල ඇප තැන්පත් කිරීම සඳහා ඇප කරුවන් වෙනුවෙන් නිකුත් වන්නේ ද මේ වගේ ව්‍යාජ ග්‍රාම නිලධාරී සහතික ද යන සැකය මතුවී තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නා.

මෙම කරුණ කෙරෙහි අවධානය යොමු කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ද සඳහන් කර සිටියේ මේ ආකාරයෙන් ව්‍යාජ ග්‍රාම නිලධාරී සහතික නිකුත් වීම බරපතළ තත්ත්වයක් බවයි.

ත්‍රස්තවාදීන් සඳහා ද මේ ආකාරයෙන් ග්‍රාම නිලධාරී සහතික නිකුත් වීමට ඉඩකඩ තිබෙන බව සඳහන් කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය එය මහජන ආරක්ෂාවට මෙන්ම ජාතික ආරක්ෂාව ද තර්ජනයක් බව සඳහන් කළා.

එමෙන්ම අධිකරණ වල ඇපකරුවන් වෙනුවෙන්ද මෙවැනි ව්‍යජ සහතික ඉදිරිපත් වීමේ අවදානමක් තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීම අවශ්‍ය බවයි අතිරේක මහේස්ත්‍රාත් වරිය පෙන්වා දුන්නේ.

ඒ අනුව සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වරිය සියලු සැකකරුවන් ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කරන පුද්ගලයෙක් වන “සෆ්රන්” නැමැත්තෙකු මේ වන විට විදේශ ගතව සිටින බවත් ඔහු වෙනුවෙන් විදේශ ගමන් තහනමක් පනවන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ පුද්ගලයා වෙනුවෙන් විදේශ ගමන් තහනමක් නිකුත් කිරීමට ද නියමගගග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42