ඇටිකුබ්බාගේ මරණය නිසා ගමක කිරි උතුරයි

වාරියපොල රඹුකන ප්‍රදේශයේ ඇතිවූ ගැටුමකින් පසු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු මිය යාමට සතුට පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් කිරි ඉතිරවූ සිදුවීමක් වාර්තා වනවා.

ඊයේ (13) සවස දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකදී වයස අවුරුදු 28ක තරුණයකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි වාරියපොල පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ රඹුකන ප්‍රදේශයේ ඇටිකුබ්බා නමින් ප්‍රචලිතව සිටි අයෙක්.

මීට අමතරව ගැටුමේදී මියගිය පුද්ගලයාගේ පවුලේම තිදෙනකු තුවාල ලබා නිකවැරටිය මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙම පවුලේ සාමාජිකයන්ගෙන් ගම්වැසියන්ට නිරන්තරයෙන් හිරිහැර සිදුවී ඇති අතර මේ හේතුවෙන් දෙපිරිස අතර කාලයක සිට ආරවුල් පැවති බවයි වාර්තා වන්නේ.

මියගොස් සිටින පුද්ගලයා සහ තුවාල ලබා සිටින එම පවුලේ පිරිස මත් ද්‍රව්‍ය චෝදනා මත සිර දඬුවම් විඳ පැමිණි පිරිසක් බවද පොලිසිය ප්‍රකාශ කළා.

මෙම පවුලේ සාමාජිකයන්ගෙන් ගම්වැසියන්ට කාලයක සිට විවිධ හිරිහැර මෙන්ම මැර ප්‍රහාර ද එල්ලවී තිබෙනවා.

ඊයේ (13) පස්වරුවේත් අදාළ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පවුලේ ඇටිකුබ්බා නම් පුද්ගලයා ප්‍රදේශයේ තරුණයෙකු බලහත්කාරයෙන් නිවස තුල සිරකරගෙන පහරදී තිබුණා.

එම තරුණයා බේරා ගැනීමට ප්‍රදේශවාසීන් අදාළ නිවසට ගොස් ඇති අතර එහිදී ඇතිවූ ගැටුමකිනුයි ඇටිකුබ්බා නම් සැකකරු මියගොස් ඇත්තේ.

පැහැරගත් තරුණයා උපකාරක පන්තියකට සහභාගී වී යළිත් නිවසට පැමිණෙමින් සිටියදී පහරදීමකට ද ලක්ව ඇති අතර ඔහුට සැකකරු විසින් තර්ජනය කර ඇත්තේ පොලිසියට පැමිණිලි කළ හොත් මරා දමන බවටයි.

ඇතිවූ ගැටුමේදී මියගිය සැකකරුගේ දේහය දේහය ද යළිත් ගමට නොගෙනන ලෙසටයි ජනතාව විරෝධතාවයේ නිරතවෙමින් ඉල්ලා සිටියේ.

පසුව ගම්වාසීන් පිරිස කිරි උතුරුවමින් සතුට පළ කළා. ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමක් ද ප්‍රකාශ කළේ මියගිය සැකකරුගෙන් තමාට ද මරණ තර්ජන පැවති බවයි.

https://youtu.be/7ojDYoyFUAY


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල් නැගිටිලා සජිත්ගේ මුහුණටම කිව්ව දේ.. වැඩිම නිවාස නාස්ති කරපු පුද්ගලයා
05:00
Video thumbnail
අද දවස ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම - සජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
01:29
Video thumbnail
මුළු විපක්ෂයම නැගිටෙයි - 22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
02:27
Video thumbnail
මවන තරම් යකෙක් මෙතන නෑ -සජිත්ගේ කතාවට ඇමති හර්ෂණගෙන් සැර උත්තරයක්
18:05
Video thumbnail
එදා බෝ#බ ගැහුවා, අද 22වන සංශෝදනය ගේනවා - මේකත් කාල බෝ#බයක්
08:13
Video thumbnail
සමුපකාර දේපළ ටික දේශපාලඥයින් කොල්ලකාලා
03:50
Video thumbnail
කුලී යතුරුපැදි රියදුරෙකු අවසන් ගමන් යැවූ පිය පුතු දෙපළ රිමාන්ඩ් කරයි
00:42
Video thumbnail
දුර ඉඳන් බලද්දී කෙසෙල්, ළඟට ගියාම ගංජා
01:10
Video thumbnail
හබරකඩ වෙ# තැබීමේ CCTV දර්ශන එළියට
01:14
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.018
00:00