උ.පෙළ විභාග කාල සීමාව තුළ විදුලිය විසන්ධි නොකරන ලෙසට කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර (විඩියෝ)

උසස් පෙළ විභාගය පවතින කාල සීමාව තුළ විදුලිය විසන්ධි නොකරන ලෙසට සිදුකළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

මේ අතර 2022 වර්ෂයට අදාළ අ.පො.ස. උසස්පෙළ විභාගය ලබන 23 වනදා ආරම්භ කරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

ඒ, සඳහා පාසල් අපේක්ෂකයින් 278,196ක් සහ පෞද්ගලික අපේක්ෂකයින් 53,513 දෙනෙකු අයදුම්කර ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2200 කදී මෙවර අ.පො.ස. උසස්පෙළ විභාගය පැවැත්වෙනවා.

මේ අතර, විභාගය පවත්වන කාලය තුළ විභාගයට මුහුණ දෙන දරුවන්ට බාධාවක් නොවන අයුරින් කටයුතු කරන ලෙසට විභාග කොමසාරිස් ජනරාල්වරයා මහජනතාවට දැනුම් දෙනවා.

එමෙන්ම විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ මැතිවරණ ප්‍රචාරක කටයුතු වැලක්වීමට කටයුතු කරන ලෙසට විශේෂ සාකච්ඡාවක් සිදුකරමින් ඉල්ලීමට බලාපොරොත්තුවන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

විභාග ප්‍රවේශ පත් ලැබුණු පසු ඒවා පරීක්ෂාකර බලා ඒවායේ යම් වරදක් ඇත්නම් ලබන 18 වනදාට පෙර නිවැරදි කරගැනීමට ද අවස්ථාව සලසා දී ඇති බව ද දැනුම් දෙනවා.

https://youtu.be/Xf5bcrW20IE


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38