AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය විදේශ ඇමති 19 වනදා ශ්‍රී ලංකාවට ?

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් ජනවාරි 19 වැනිදා දෙදින සංචාරයක් සඳහා කොළඹට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.

අමාත්‍යවරයා අවසන් වරට දිවයිනට පැමිණ ඇත්තේ පසුගිය වසරේ මාර්තු මාසයේදී යි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාවට පැමිණ තිබු අවස්ථාවක ඉන්දියාව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 4කට ආසන්න ආධාර ආධාර ලබාදීම වෙනුවෙන් ඔහු පැමිණි බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙනවා.

මේ අතර චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තු උප අමාත්‍ය චෙන් ෂෝ ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් හෙට (14) ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වීමට සුදානම් වනවා.

හෙට දිවයිනට පැමිණෙන ඔවුන් ලබන 18 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?