දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාගෙන් CIDය ප්‍රකාශයක් ලබාගනී

කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ ඉදි කරමින් පවතින ව්‍යාජ දළදා මාලිගාව සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

අස්ගිරි මල්වතු මහා නායක ස්වාමීන් වහන්සේලා සහ දියවඩන නිලමේවරයා විසින් ඒකාබද්ධ ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමු කරමින් අදාළ දළදා මාලිගාව සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙසට කළ ඉල්ලීම පදනම් කරගනිමිනුයි දියවඩන නිළමේවරයාගෙන් මෙම ප්‍රකාශය ලබාගෙන ඇත්තේ.

මෙම ව්‍යාජ දළදා මාලිගා සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති තිබෙනවා.

මෙම ස්ථානය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙසට ඉල්ලමින් මල්වතු, අස්ගිරි මහනායක හිමිවරුන් මෙන්ම දියවඩන නිළමේවරයා පසුගිය දෙසැම්බර් මස 31 වනදා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියාසිටියේ සේපාල් අමරසිංහ නම් සැකකරු බෞද්ධාගමට අපහාස වන ආකාරයෙන් සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ද සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ අධීක්ෂණයෙන් යුතුව පරීක්ෂණ සිදුවෙමින් පවතින බවයි.

එමෙන්ම ව්‍යාජ දළදා මාළිගාවේ අනුරුවට අදාළ පරීක්ෂණ කටයුතු පිළිබඳ මහනාහිමිවරුන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙතෙක් කටයුතු කර නොමැති අතර ඒ සම්බන්ධයෙන් අදහසක් ද මෙතෙක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.

මෙම දළදා මාළිගාව ඉදි කිරීම පිටුපස වෙනත් පාර්ශවයක් සිටින්නේ ද යන්න සම්බන්ධයෙන් සහ එම කටයුතුවලට කිසියම් අයෙකු මුදල් ලබාදෙන්නේ ද යන්න පිළිබඳව ද පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40