ආදර්ශනී කරඳනට ඇප

පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ආදර්ශනී කරඳන ඇප මත නිදහස් කර තිබෙනවා.

සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ නියෝග කෙරුණේ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමටයි.

පොලිස් පරිගණක අපරාධ කොට්ඨාශ නිලධාරීන් විසින් ඊයේ ඇය අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ ආශු මාරසිංහ මහතා කළ පැමිණිල්ලකට අනුවයි.

ලිංගික දර්ශන සහිත අසභ්‍ය වීඩියෝ පට වෙබ් අඩවිවලට මුදා හරින බවට තර්ජනය කර තමාගෙන් රුපියල් මිලියන 100ක් ඉල්ලා සිටි බවට චෝදනා කරමින් මන්ත්‍රීවරයා අදාළ පැමිණිල්ල ගොනුකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?