ශ්‍රී ලංකාව ඇතුලු රටවල් කිහිපයක දරිද්‍රතාව ඉහළට – ලෝක බැංකුව කියයි

ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය වැනි රටවල ඇති වී තිබෙන ආර්ථික අර්බුද හේතුවෙන් එම රටවල දරිද්‍රතාව ඉහළ ගොස් ඇතැයි ලෝක බැංකුවේ ගෝලීය ආර්ථික අපේක්ෂාවන් පිළිබඳ ජනවාරි වාර්තාව පෙන්වා දී තිබෙනවා.

ඒ හේතුවෙන් එම රටවල පවුල් පෝෂ්‍යදායි ආහාර ගැනීම අඩු කර ඇති අතර විදුලි කප්පාදුවට ද හුරු වී ඇති බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ .

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද්ධය, ඉහළ ගොස් ඇති ආහාර සහ බලශක්ති මිල මෙන්ම ඉහළ උද්ධමනය සමඟ මහ බැංකුවලට සටන් කිරීමට සිදුවීම දකුණු ආසියාවේ ආර්ථිකයන්ට බලපෑම් එල්ල කර ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ හේතුවෙන් එම රටවල වෙළඳාම සහ නිෂ්පාදනය හැකිලී ඇති බැවින් එය එම රටවල සිටින පවුල්වල සැබෑ අදායමට බලපා ඇති බවයි ලෝක බැංකු වාර්තාව පෙන්වා දී ඇත්තේ.

පවතින ආර්ථික අර්බුද හමුවේ ඇතැම් රටවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීමට සිදුව ඇති බවත් තවත් රටවලට දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ආනයන සීමා පනවමින් කටයුතු කිරීමට සිදුව ඇති බවත් එම වාර්තාවේ සඳහන්.

බාහිර ණය ගෙවීමට, ආහාර සහ ඉන්ධන ආනයනය කිරීමට විදේශ සංචිත හිඟ වූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පසුගිය වසරේදී සියයට 9.2 කින් හැකිළී ඇති අතර මෙම වසරේ එය සියයට 4.2 දෙකකින් හැකිළෙතැයි පුරෝකථනය කරන බවත් ගෝලීය ආර්ථික අපේක්ෂාවන් පිළිබඳ වාර්තාවේ සඳහන්.

කලාපයේ ආර්ථිකය 2022 වසරේ සියයට 6.1 ක් දක්වා මන්දගාමී වී ඇති බව ඇස්තමේන්තු කර ඇති බවත් එය 2023 වසරේදී තවත් පහළට යමින් සියයට 5.5ක් දක්වා තවත් මන්දගාමී වනු ඇතැයි පුරෝකථනය කරන බවත් එම වාර්තාව පෙන්වා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?