එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තරග කිරීම සඳහා නිදහස් ජනතා සන්ධානය එළිදැක්වීම අද සිදු කෙරුණා.
එය ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් පැවති උත්සවයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, අනුර ප්‍රියදර්ශන යාපා, නාලක ගොඩහේවා, තිලංග සුමතිපාල, දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, වීරසුමන වීරසිංහ, මහාචාර්ය තිස්ස විතාරණ, මහාචාර්ය ජී. එල්. පීරිස්, චන්න ජයසුමන, මහාචාර්ය චරිත හේරත්, මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් රැසක් ද එක්ව සිටිනවා.
පිළිගත් පක්ෂ සහ දේශපාලන සංවිධාන 12ක් ඊට මෙම සන්ධානය නියෝජනය කරනවා.
මෙරට මැතිවරණ දිස්ත්‍රික්ක 17ක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් 36 දෙනෙකු මෙම සන්ධානයේ නියෝජිතයන් අතරට අයත්.




