ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට

නව වසරේ පළමු සතිය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 2,142 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ‌ ඩෙංගු මර්දන ඒ්කකය පවසනවා.

පසුගිය 02 වනදා සිට 08 වනදා දක්වා කාලය තුළයි මෙම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 440ක් වන අතර අදාළ කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 433ක් වාර්තා වී තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 273ක්, කල්මුණේ දිස්ත්‍රික්කයෙන් 147ක්, හා යාපනය දිස්ත්‍රික්කයෙන් 128 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සඳහන්.

මීට අමතරව කළුතර, මහනුවර යන දිස්ත්‍රික්කවලින් ද සියයට අධික ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගත වූ දින 07ක කාලය තුළ හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළා.

ජාතික ඩෙංගු මර්දන ඒ්කකයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ මෙම මාසය අවසන් වන විට ‌‌ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ අගයක් ගනු ඇති බවයි.

එබැවින් තම නිවස අවට මෙන්ම නිවස තුළ ද මදුරුවන් බෝවිය හැකි ස්ථාන සුලභ වන බැවින් ඒ් ගැන නිරතුරුව විමසිල්ලෙන් කටයුතු කරන ලෙස ඒ් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ප්‍රේමදාස සහ වටගල ගැටෙයි...
02:23
Video thumbnail
ඇමති වටගලට තද වෙයි.. නාමල් රාජපක්ෂට හොඳවයින් අමතයි...
00:58
Video thumbnail
අධිකරණ ඇමතිට නාමල් රිදෙන්නම දෙයි - විවාදය යනවා ඇමතිතුමා මල් කඩවනද ?
05:58
Video thumbnail
සජිත්ගේ කතාව මැදින් පැන්න අධිකරණ ඇමති නැගිටලා යයි..හැමෝටම හිනා - ඇමතිගේ උගත් කෑල්ල ඉවත් කරනවා
15:44
Video thumbnail
පොලිස් නිලධාරියා දාන සත්තම ? තමුන් වීඩියෝ කරලා දානවා - මම බය නෑ ඕයි..දෙනවා ලයිසන් එක
03:42
Video thumbnail
අර්චුනා නිසා සජිත්, සුජීව, වටගල පාර්ලිමේන්තුව යුද පිටියක් කරයි - මේ රටින් පැනලා යනවා නෙවෙයිනේ
06:11
Video thumbnail
එදා වෙ# නොතියා කඳුළු ගෑස් ගහන්න තිබ්බා - මුජිබුර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:00
Video thumbnail
ඉල්ලා අස් නොවෙන එක ලැජ්ජා නැති වැඩක්- අජිත් අධිකරණ ඇමතිට කටඋත්තර නැති කරයි
15:52
Video thumbnail
අධිකරණ ඇමති ගැම්මට කියපු දේ - 159ක් ඉන්නවනේ..මට කිසිම බයක් නෑ..ඉල්ලා අස් වෙන්නේ නෑ
01:15
Video thumbnail
අර්චුනාට වරෙන්තු නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - වරප්‍රසාද කඩවෙලා තියෙනවා
03:42