මෙරට බැංකු විසින් ණය පොලී අනුපාතිකය ඉහල නැංවීමේ සූදානමක් පවතින බව මේවන විට වාර්තා වනවා.
කෙසේ වෙතත් වාර්තා වන අන්දමට මෙම පොලී අනුපාතිකය ඉහල අගකින් වැඩි කිරීමක් සිදු කර නොමැති අතර එහි අගය ලෙස සටහන් වූයේ සියයට 4ක් හෝ 5ක් තරම් අඩු අගයක් ලෙසයි.
මේ අතර ආර්ථික අර්බුදයක් යටතේ වුවද වානිජ බැංකු විසින් ස්ථාවර තැන්පතු සඳහා 25% වැනි ඉහල පොලී අනුපාතයක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. එලෙස ස්ථාවර තැන්පතු සඳහා ඉතා ඉහල පොලී අනුපාතිකයක් ලබා දෙන අතරේ ණය සඳහා 15% වැනි අඩු පොලී අනුපාතිකයක් ලබා දීම ප්‍රායෝගික නොවන බවයි ආර්ථික විශේෂඥයින් සඳහන් කරන්නේ.
මෙවැනි දැඩි ආර්ථික අර්බුදයක් හමුවේ වුවද මෙරට බැංකු පද්ධතිය දුර්වල නොකර මෙලෙස පවත්වාගෙන යාම ගැනද සතුටු විය යුතු බවත් ව්‍යාපාර පවත්වාගෙන යාමට බැංකු විසින් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගනිද්දීත් ඊට විරුද්ධව ජනතාව කුපිත කිරීම තුලින් සමස්ථ බැංකු පද්ධතියටම තර්ජනයක් බවත් එම විශේෂඥයින් පෙන්වා දෙනවා.
වර්තමානයේ තිබෙන දැඩි ආර්ථික අර්බුදය කඩිනමින් පහව යනු ඇති බවත් එනිසා සංයමයෙන් ඥාණාන්විතව කටයුතු කිරීම ජනතාවගේ වගකීමක් බවත් එය රටේ යහපතට බලපානු ඇති බවත් ආර්ථික විශේෂඥයින් වැඩිදුරටත් සඳහන් කළා.














FD walata interest calculate karanne awuruddakata serayayi. ekata noyen badhu adu kara gannawa. eka withdraw karanakota thawa noyek adu kireem karala denne. ethakota labuna poliya baluwoth 15%-20% athara. Naya poliya adu unat ekata noyek athuru badhu gasthu ekathu karanawa. Ethakota ekata aya karana poliya 20-%-25% wela. Okayi aththa.
Eyi wagema thamayi awurudhdhata kalin FD eka renew kaloth ho Kotasak ho mulu mudhala Withdraw kaloth sathyaka ho poliyak gewanne nahe. Eka patta asadharanayi. Eka eyalage profit ekak.