බැංකු ණය පොලී අනුපාත වැඩිකිරීමේ ඇත්ත කතාව

මෙරට බැංකු විසින් ණය පොලී අනුපාතිකය ඉහල නැංවීමේ සූදානමක් පවතින බව මේවන විට වාර්තා වනවා.

කෙසේ වෙතත් වාර්තා වන අන්දමට මෙම පොලී අනුපාතිකය ඉහල අගකින් වැඩි කිරීමක් සිදු කර නොමැති අතර එහි අගය ලෙස සටහන් වූයේ සියයට 4ක් හෝ 5ක් තරම් අඩු අගයක් ලෙසයි.

මේ අතර ආර්ථික අර්බුදයක් යටතේ වුවද වානිජ බැංකු විසින් ස්ථාවර තැන්පතු සඳහා 25% වැනි ඉහල පොලී අනුපාතයක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. එලෙස ස්ථාවර තැන්පතු සඳහා ඉතා ඉහල පොලී අනුපාතිකයක් ලබා දෙන අතරේ ණය සඳහා 15% වැනි අඩු පොලී අනුපාතිකයක් ලබා දීම ප්‍රායෝගික නොවන බවයි ආර්ථික විශේෂඥයින් සඳහන් කරන්නේ.

මෙවැනි දැඩි ආර්ථික අර්බුදයක් හමුවේ වුවද මෙරට බැංකු පද්ධතිය දුර්වල නොකර මෙලෙස පවත්වාගෙන යාම ගැනද සතුටු විය යුතු බවත් ව්‍යාපාර පවත්වාගෙන යාමට බැංකු විසින් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගනිද්දීත් ඊට විරුද්ධව ජනතාව කුපිත කිරීම තුලින් සමස්ථ බැංකු පද්ධතියටම තර්ජනයක් බවත් එම විශේෂඥයින් පෙන්වා දෙනවා.

වර්තමානයේ තිබෙන දැඩි ආර්ථික අර්බුදය කඩිනමින් පහව යනු ඇති බවත් එනිසා සංයමයෙන් ඥාණාන්විතව කටයුතු කිරීම ජනතාවගේ වගකීමක් බවත් එය රටේ යහපතට බලපානු ඇති බවත් ආර්ථික විශේෂඥයින් වැඩිදුරටත් සඳහන් කළා.

  1. FD walata interest calculate karanne awuruddakata serayayi. ekata noyen badhu adu kara gannawa. eka withdraw karanakota thawa noyek adu kireem karala denne. ethakota labuna poliya baluwoth 15%-20% athara. Naya poliya adu unat ekata noyek athuru badhu gasthu ekathu karanawa. Ethakota ekata aya karana poliya 20-%-25% wela. Okayi aththa.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10