එක්ස්ප්‍රස් පර්ල් හානි වාර්තාව භාරදෙයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර හේතුවෙන් මෙරට සාගර පරිසරයට වූ හානියට සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටු වාර්තාව අද (10) නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුට පිළිගන්වනු ලැබුවා.

ඒ, පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ලහඳපුර විසින්.

මෙම කමිටුව වසර එකහමාරක පමණ කාලයක් එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධයෙන් විවිධ අංශ ඔස්සේ පරීක්ෂණ සිදුකර මෙම වාර්තාව සකසා තිබෙනවා.

අදාළ වාර්තාව ඉදිරියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙහිදී පැවසුවේ.

මෙම විශේෂඥ කමිටුව නියෝජිතයන් 40 දෙනකුගෙන් සමන්විත වන අතර, එහි සම සභාපතිවරුන් ලෙස මොරටුව විශ්ව විද්‍යාලයේ පශ්චාත් අධ්‍යයන අංශයේ පීඨාධිපති මහාචාර්ය අජිත් ද සිල්වා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18