සහෝදරයින් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක දී තියුණු ආයුධයකින් පහර කෑ වැඩිමල් සහෝදරයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
කිලිනොච්චිය, කල්ලාරු ප්‍රදේශයේ දී මෙම ඝාතනය සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම සහෝදරයින් දෙදෙනා අතර ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් බහින් බස්වීමක් ඇතිව පසුව එය ආරවුලක් දක්වා දුරදිග ගොස් මෙම ඝාතනය සිදුව තිබෙනවා.
තියුණු ආයුධයකින් පහර කෑමට ලක්වූ වැඩිමල් සහෝදරයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඝාතනය සිදුකළ බාල සහෝදරයා පොලිසිය විසින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු අද (10) දිනයේ කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
මෙලෙස ඝාතනය වී ඇත්තේ 37 හැවිරිදි ධර්මරාසා තවසීලන් නැමති දෙදරු පියෙක්.

















