දුරකථනයේ ආරවුල දුරදිග ගිහින් මල්ලී අයියාව ඝාතනය කරලා (ඡායාරූප)

සහෝදරයින් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක දී තියුණු ආයුධයකින් පහර කෑ වැඩිමල් සහෝදරයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

කිලිනොච්චිය, කල්ලාරු ප්‍රදේශයේ දී මෙම ඝාතනය සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සහෝදරයින් දෙදෙනා අතර ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් බහින් බස්වීමක් ඇතිව පසුව එය ආරවුලක් දක්වා දුරදිග ගොස් මෙම ඝාතනය සිදුව තිබෙනවා.

තියුණු ආයුධයකින් පහර කෑමට ලක්වූ වැඩිමල් සහෝදරයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඝාතනය සිදුකළ බාල සහෝදරයා පොලිසිය විසින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු අද (10) දිනයේ කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

මෙලෙස ඝාතනය වී ඇත්තේ 37 හැවිරිදි ධර්මරාසා තවසීලන් නැමති දෙදරු පියෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18