සීතාවක සංචාරක කර්මාන්තය නංවන්න විශේෂ සංචාරක දුම්රියක්

සීතාවක සංචාරක කර්මාන්තය නැංවීම වෙනුවෙන් සති අන්ත විශේෂ සංචාරක දුම්රිය සේවයක් ලබන 15 වැනිදා සිට ආරම්භ කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සීතාවකපුර සංචාරක කලාප වර්ධනය වැඩසටහන පිළිබඳව පැවැති සාකච්ඡාවකට එක්වෙමින්.

සීතාවකපුර උද්භිද උද්‍යාන ශ්‍රවණාගාරයේදී පැවති මෙම සාකච්ඡාවේ දී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“කොළඹ දිස්ත්‍රික්කයේ පවතින ඉතාමත් සුන්දර ම පරිසර පද්ධතිය වන්නේ කැලණි මිටියාවත ආශ්‍රිතව පවතින සීතාවක නිම්නයයි. සීතාවක රාජධානි ප්‍රදේශය සතුව විශාල ඓතිහාසික වැදගත්කමක් මෙන්ම පාරම්පරික සටන් කලා, පුරාවිද්‍යාත්මක ස්ථාන වැනි සංචාරක ආකර්ශනයක් සහිත ස්ථාන රාශියක් ද පවතිනවා.එම නිසා මේ වැදගත්කම පිළිබඳව කොළඹ සහ අනෙකුත් ප්‍රදේශවල ජනතාව තවදුරටත් දැනුවත් කිරීමත් ඉතාමත් වැදගත්. එවිට ඔවුන් තුල මේ ප්‍රදේශයේ නැරඹීම සඳහා වැඩි උනන්දුවක් ඇති කළ හැකියි. ප්‍රදේශීය තුළ දැනට පවතින සංචාරක කර්මාන්තය තුළින් අලුත් ආයෝජන ක්ෂේත්‍රයක් බිහිවී තිබෙනවා.

එම සංචාරක කර්මාන්තය වඩාත් ක්‍රමානුකූලව වර්ධනය කිරීම වෙනුවෙන් කැලණි මිටියාවතේ දුම්රිය මාර්ගය කේන්ද්‍ර කරගනිමින් නව ව්‍යාපෘතියක් එළඹෙන පහළොස් වැනිදා සිට ආරම්භ කිරීමට අප කටයුතු කරනවා. දැනට දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන ඇල්ල ඔඩෙසි, කැන්ඩි ඔඩෙසි වැනි සංචාරක දුම්රිය මේ වන විට සපුරා ගත නොහැකි ඉල්ලුමක් ඇති තත්ත්වයට වර්ධනය වී තිබෙනවා. එවැනිම ආකාරයේ සතිඅන්ත සංචාරක දුම්රිය සේවයක් සීතාවක ඔඩෙසි නමින් ආරම්භ කරනවා. කොළඹ සිට වග දක්වා එම දුම්රියෙන් පැමිණෙන මගීන්ට එතැන් සිට ලංගම හා පුද්ගලික ඒකාබද්ධ ප්‍රවාහන සේවයක් මගින් සංචාරක සේවය සැපයීමට කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03