නිල සංචාරය නිම කළ පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දිවයිනෙන් පිටව යයි

දෙදින නිල සංචාරය නිම කළ පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා.

ගොසිප් ලංකා නිව්ස් වාර්තාකරු සඳහන් කලේ පස්වරු 04 යි 42 ට පමණ පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ඇතුලු ධුත පිරිස රටින් නික්ම ගිය බවයි.ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණි ඉම්රාන් ඛාන් මහතා පළමුවෙන්ම හමුවූයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි.

එහිදී ද්විපාර්ශවික ගිවිසුම් 05 කටද අත්සන් තැබුණා.ආරක්ෂාව සම්බන්ධ කරුණු සඳහා ඩොලර් මිලියන 50 ක ණයක් පිරිනැමීමටයි ඉම්රාන් ඛාන් මහතා එහිදී එකග වී ඇත්තේ. අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග නිල හමුවකටද පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා එක්වූණා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කලේ දෙරටේ කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා තාක්ෂණික දැනුම හුවමාරුව පිළිබඳව මෙහිදි වැඩි අවධානයක් යොමුවු බවයි. දෙරට අතර වෙළෙඳාම ප්‍රවර්ධනය සහ ආයෝජන අවස්ථා / සංචාරක ක්ෂේත්‍රය මෙන්ම තාක්ෂණික දැනුම හුවමාරුව ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි නායකයන් දෙදෙනා දැඩි අවධානයක් යොමුකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ. පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිසක්ද මුණ ගැසී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53