සේපාල් අමරසිංහ අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ ශ්‍රී දළඳා මාලිගාව සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට අදාළව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බෙල්ලන්විල ප්‍රදේශයේදී යි.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට සහ බුදු දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් ජනක සේනාධිපති සහ සේපාල අමරසිංහ යන පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද පෙරවරුවේ පරීක්ෂණ ආරම්භ කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ, පොලිස්පතිවරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් දෙකක් පරීක්ෂණ සඳහා යොදවා ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව මහතා වැඩිදුරටත් පැවසීය.

කුරුණෑගල, පොතුහැර, වදකඩ පාරේ ව්‍යාජ ‘ශ්‍රී දළදා මාලිගාවක්’ ඉදිකිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ද අවධානය යොමුවීමෙන් අනතුරුව ඔහු මේ සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කරන ලෙසට පොලිස්පතිවරයාට නියෝග කර තිබුණා.

ශ්‍රී දළඳා මාලිගාව ව්‍යාජ යැයි පවසමින් ගොඩනැගිල්ලක ඉදිකිරීම් සිදුවෙමින් පවතින බව මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් පසුගියදා ජනාධිපතිවරයා වෙත ඒකාබද්ධ ලිපියක් යොමු කරමින් කියා සිටියා.

සේපාල අමරසිංහ විසින් සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ ප්‍රචාරය කරන ලද වීඩියෝ දර්ශනවල ද බුදුදහමට අපහාස වන ප්‍රකාශ ඇතුළත් බවයි මහානායක හිමිවරු සිය ලිපියෙන් දන්වා තිබුණේ.

මෙමගින් බුදුදහමට හා ඓතිහාසික ‘ශ්‍රී දළදා මාලිගාවට’ හානියක් සිදුවන බව පැවසූ මහානායක හිමිවරුන් මේ සම්බන්ධයෙන් කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36