අධිවේගී බස්ගාස්තු ගැන විශේෂ සාකච්ඡාවක් – ගැමුණු ගාස්තු අඩුකරන්න බෑ කියයි

අධිවේගී මාර්ගයේ ධාවනය වන බස්රථවල ගාස්තු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (04) දිනයේ පැවැත්වීමට නියමිත බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (03) පෙරවරුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින්.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර ඩීසල් මිල රුපියල් 15.00කින් අඩු වුව ද එහි වාසිය මගීන් වෙත ලබාදීම ප්‍රායෝගික නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මාධ්‍ය හමුවක් කැඳවමින් අද (03) සඳහන් කළා.

බස් ගාස්තු සංශෝධනයක් සඳහා ඩීසල් ලීටරයක මිල 04% කින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් අඩුකළ යුතු බවයි ඔහු මෙහිදී පෙන්වා දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?