පියාගේ අවමගුල් දිනයේ පුතා රිය අනතුරකින් මරුට

කැකිරාව පොතානේගම ප්‍රදේශයේ රිය අනතුරකින් යුද හමුදා කඳවුරක ප්‍රධාන සරඹ උපදේශකවරයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඔහු කැකිරාව රත්මල්කන්ද ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම හමුදා සාමාජිකයාගේ පියා පසුගියදා මියගොස් ඇති අතර ඒ වෙනුවෙන් නිවාඩු ලබා ඔහු අවමංගල්‍ය කටයුතුවලට එක්ව තිබෙනවා.

පියාගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබී ඇති අතර ඒ අතරතුර අත්‍යවශ්‍ය රාජකාරී කටයුත්තක් වෙනුවෙන් කැකිරාවේ පිහිටි යුද හමුදා කඳවුර වෙත යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදීයි ඔහු අනතුරට ලක්වී ඇත්තේ.

මෙම යුද හමුදා සාමාජිකයා ගමන් ගත් යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන කාණුවකට වැටීමෙන් අනතුර සිදුවී තිබෙනවා.

එහිදී ඔහු යතුරුපැදියෙන් විසිවී වැටී ඇති අතර එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

කැකිරාව පොලිසිය මෙන්ම ඉපලෝගම යුද හමුදා සේවා බලකාය මගින් ද මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01