පොලිස් වෙසින් ත්‍රී රෝද රථයකින් පැමිණ දේවාලයක තැම්පත් කර තිබූ ධන ලක්ෂ්මී දේව රූපයක් පැහැර ගෙන ගිය කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණයක් ආරම්භ කර ඇති බව පුත්තලම පොලීසිය පැවසීය
27 වැනිදා රාත්‍රී 7.00 ට පමණ මෙම පැහැර ගැනීම සිදුවී ඇත. පුත්තලම – කල්අඩිය,නිදහස් මාවතේ පදිංචිව සිටින ආර්.පී.තක්ෂිලා නම් කාන්තාවක් විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලකට අනුව මෙම විමර්ශණය ආරම්භ කර ඇත.
තම නිවස තුල තමන් විසින් පවත්වා ගෙන යන දේවාලයට ත්‍රී රෝද රථයකින් 06 දෙනෙකු පැමිණි බවත්,ඔවුන් දේවාලයේ තැම්පත් කර තිබූ අඩි 02 ක් පමණ උස අඩි 01 ක් පළල ධන ලක්ෂ්මී දේව ප්‍රතිමාව පැහැර ගෙන ගිය බව පැමිණිලිකාරිය පොලීසිය හමුවේ පවසා ඇත.තමන් පොලීසියෙන් බව පැමිණි පිරිස පැවසූ බවත්,දේවාලය තුළ පුරා වස්තුවක් තිබෙන බවට ලැබී ඇති පැමිණිල්ලක් අනුව පැමිණි බවද එම කණ්ඩායම පවසා ඇත.වැඩි දුර විමර්ශණ කටයුතු සදහා පොලීසියට පැමිණිනෙන ලෙස ඔවුන් පැවසූ බවද පැමිණිළිකාරිය වැඩිදුරටත් සදහන් කර තිබේ.
මෙම දේව ප්‍රතිමාව තමන්ට ත්‍යාගයක් ලෙස ලැබුණු එක්ක බැවින් එහි වටිනාකම නොදන්නා බවද පැමිණිළිකාරිය පොලීසිය හමුවේ පවසා ඇත.දේව ප්‍රතිමාව පැහැර ගැනීමට පැමිණි කණ්ඩායම කව්රුන්ද යන්න පැමිණිළිකාරිය හදුනා ගෙන නොමැති බවත්,එම පිරිස පැමිණි ත්‍රී රෝද රථයේ අංකයවත් ඇය සටහන් කර ගෙන නොමැති බව පොලීසිය කියයි. පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.










