කෑගල්ල නගරයේ පාවහන් අලෙවිසැලක ගින්නක්

ඊයේ රාත්‍රි කෑගල්ල නගරයේ පාවහන් අලෙවිසැලක ඇති වූ ගින්නකින් වෙළඳසැලම සම්පූර්ණයෙන් දැවී විනාශ වී ඇත. මෙය දෙමහල් ගොඩනැගිල්ලකි.

ඊයේ රාත්‍රී 8.30ට පමණ ඇවිලි ඇති මෙම ගින්න නිවා දැමීම සඳහා අවට පිරිස් මහත් වෙහෙසක් දැරූ අතර එහෙත් එය ව්‍යර්ථ වී ඇත. පසුව මහනුවර ගිනි නිවීමේ එකකය පැමිණ ගින්න නිවා දැමීමට හා අනෙකුත් වෙළද සැල් වෙත ව්‍යාප්ත වීම වළක්වා ඇත. මේ සඳහා යුදහමුදාව, පොලිසිය, මහජනතාව සහය ලබා දී ඇත.

ගින්නට හේතුව කුමක්දැයි සොයා කෑගල්ල පොලිසිය පරීක්ෂණ කටයුතු මෙහෙයවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්