රුපියල් 55.00ක මිලකට බිත්තරයක් අලෙවි කිරීමට කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය එකඟතාවය පළකර තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සහ කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන් අතර අද (26) පැවති සාකච්ඡාවක දී මෙම එකඟතාවයට පැමිණි බවයි.
.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති මෙම සාකච්ඡාවේදී බිත්තර මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා මෙම කර්මාන්තකරුවන්ගේ දායකත්වය ලබාදෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලිමක් ද කර තිබෙනවා.
දේශීය කුකුළු බිත්තර කර්මාන්තකරුවන් සාධාරණ මිලකට බිත්තර ලබා නොදෙන්නේ නම් අවම මිලක් යටතේ බිත්තර මිලදී ගැනීම සඳහා බිත්තර ආනයනය කිරීමට සිදුවනු ඇති බවත් අවධාරණය කර සිටියා.
රුපියල් 55.00ක මුදලකට බිත්තර සැපයීම වෙනුවෙන් පැමිණි එකඟත්වය මත ආරම්භයේ දී කොළඹ ප්‍රදේශයට දිනපතා බිත්තර රැගත් ලොරි 20ක් බැඟින් එවන බවට සහතික වී තිබෙනවා.
එලෙස එවන බිත්තර ජනාකීර්ණ ප්‍රදේශවල දී පාරිභෝගිකයින්ට අලෙවි කිරීමටත්, එමෙන්ම වෙනත් නාගරික ප්‍රදේශවලට ද එය ව්‍යාප්ත කිරීමටත් මෙහිදී එකඟත්වය පළ ඇති බව සඳහන්.
මේ වනවිට වෙළඳපොළ තුළ බිත්තරයක් රුපියල් 65.00ත් 70.00ත් අතර මිල ගණන්වලට අලෙවි වනවා.













