බිත්තරේ රුපියල් 55ට දෙන්න කැමැත්ත

රුපියල් 55.00ක මිලකට බිත්තරයක් අලෙවි කිරීමට කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය එකඟතාවය පළකර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සහ කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන් අතර අද (26) පැවති සාකච්ඡාවක දී මෙම එකඟතාවයට පැමිණි බවයි.
.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති මෙම සාකච්ඡාවේදී බිත්තර මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා මෙම කර්මාන්තකරුවන්ගේ දායකත්වය ලබාදෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලිමක් ද කර තිබෙනවා.

දේශීය කුකුළු බිත්තර කර්මාන්තකරුවන් සාධාරණ මිලකට බිත්තර ලබා නොදෙන්නේ නම් අවම මිලක් යටතේ බිත්තර මිලදී ගැනීම සඳහා බිත්තර ආනයනය කිරීමට සිදුවනු ඇති බවත් අවධාරණය කර සිටියා.

රුපියල් 55.00ක මුදලකට බිත්තර සැපයීම වෙනුවෙන් පැමිණි එකඟත්වය මත ආරම්භයේ දී කොළඹ ප්‍රදේශයට දිනපතා බිත්තර රැගත් ලොරි 20ක් බැඟින් එවන බවට සහතික වී තිබෙනවා.

එලෙස එවන බිත්තර ජනාකීර්ණ ප්‍රදේශවල දී පාරිභෝගිකයින්ට අලෙවි කිරීමටත්, එමෙන්ම වෙනත් නාගරික ප්‍රදේශවලට ද එය ව්‍යාප්ත කිරීමටත් මෙහිදී එකඟත්වය පළ ඇති බව සඳහන්.

මේ වනවිට වෙළඳපොළ තුළ බිත්තරයක් රුපියල් 65.00ත් 70.00ත් අතර මිල ගණන්වලට අලෙවි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිඥ අජිත් රෝහණ නීතිය ගැන කිව්ව සුපිරි කතාව..රථවාහන නීතිය විනාඩි 10කට නැවැත්තුවොත් මොනවා වෙයිද ?
03:48
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20