පන්සලටම ඇවිත් 17 හැවිරිදි හිමිනමකට වස පොවලා (ඡායාරූප)

මල්වතු මහා විහාරයට අයත් මහනුවර ඓතිහාසික හිඳගල රජමහා විහාරයේ වැඩ වාසය කරන 17 හැවිරිදි හිමිනමකට බලහත්කාරයෙන් වස පොවා පැරසිටමෝල් පෙති විශාල ප්‍රමාණයක් ගිල්ලවීමෙන් බරපතළ තත්ත්වයට පත්ව පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඊයේ (18) පෙරවරු 11.00 ට පමණ මෙම සිදුවීම සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වස බෝතලයක් ඇතැතිව විහාර භූමියට ඇතුළු වූ පුද්ගලයෙකු හිමිනමගේ ගෙළට පිහියක් තබා වස බෝතලය බලහත්කාරයෙන් හිමිනමට පොවා ඇති බවයි දැනට සිදුකර ඇති පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

අදාළ පුද්ගලයා දින කිහිපය සිට විහාර භූමියට ආ ගිය අයෙක් බවට හඳුනාගෙන ඇති බවයි හිඳගල රජමහා විහාරවාසි පූජ්‍ය ඇඹිල්මීගම පඤ්ඤාකිත්ති හිමියන් සඳහන් කළේ.

බලහත්කාරයෙන් වස පෙවීමට උත්සහා ගත් අවස්ථාවේ දී හිමිනමගේ මුහුණ ප්‍රදේශයට තුවාල සිදුව ඇති අතර, රෝහල් ගත කරන අවස්ථාවේ දී අදාළ හිමිනම සිහිසුන් තත්ත්වයේ පසු වූ බවයි දැනගන්නට ලැබුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර, මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භකර තිබෙනවා.

මෙම සම්බන්ධයෙන් අදහස් දැක් වූ ඇඹිල්මීගම පඤ්ඤාකිත්ති හිමියන්,

“විහාර භූමියට දින තුනක පමණ කාලයක් තිස්සේ, නාඳුනන පුද්ගලයෙක් පැමිණ තිබෙනවා. ඔහු ඊයේ (18) පෙරවරුවේ
විහාරස්ථානය පහළ නුග ගස අසළ සිටිනු දහම් පාසලේ උගන්වමින් සිටි ධම්මරතන හිමි දැක ඒ බව මට දැනුම් දුන්නා. මම ගිහින් කවුද කියලා බලන්න ද කියලා මගෙන් ඇහුවා. ගියාට කමක් නැහැ මොනවා හරි ප්‍රශ්නයක් නම් සෝභිත පොඩි හාමුදුරුවෝ දැනුවත් කරන්න කියලා මම උපදෙස් දුන්නා. පසුව මම දළදා මාලිගාවට ගියා. එතන දී සෝභිත හිමි
දුරකථනයෙන් කතා කරලා කිව්වා පොඩි හාමුදුරුවන්ට වස පොවලා හොඳටම අමාරුයි කියලා. නුග ගස අසළ සිටි පුද්ගලයාට ඉවත්ව යන ලෙස දැනුම් දුන් අවස්ථාවේ ඔහු හාමුදුරුවන් පස්සෙන් පන්නාගෙන ඇවිත් ගෙළට පිහියක් තියලා වස බෝතලය පොවා ඇළට තල්ලු කරලා තිබෙන බව තමයි දැන ගන්න තියෙන්නේ. අතේ තිබුණු පැරසිටමෝල් කාඩ් එකක් අරන් එකෙන් පෙති විශාල ප්‍රමාණයක් ඔහු පොඩි හාමුදුරුවන්ට පොවලා තියනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්පහට ගංවතුර - මෙන්න නවතම තත්ත්වය..බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටවෙලා
02:26
Video thumbnail
අපිට බොරු පොරොන්දු දුන්නා - පොහොර ගැටලුව නිසා ගොවීන්ට යකා නගියි
05:29
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් ගංජා අළු කළ මෙහෙයුම
01:28
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම..බිහිසුණු අනතුරේ නවතම දර්ශන
01:41
Video thumbnail
අන්තරේ සෙට් එක චිත්‍රපටි බල බල මල්වානේ නිවසේ ගත්ත fun එක කොහොමද ?
01:12
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43