දිවයිනේ බොහෝ ප්‍රදේශවල බිත්තර ඉතා ඉහළ මිල ගණන්වලට අලෙවි වන බව පාරිභෝගික ජනතාව චෝදනා කරනවා.
ඒ, අනුව පාලන මිල ඉවත් කිරීමත් සමඟ බිත්තරයක් රුපියල් 55 සිට රුපියල් 65 දක්වා මිල ගණන්වලට අලෙවි වන බවයි වාර්තා වුණේ.
බිත්තර සඳහා පැවැති පාලන මිල ඉවත් කිරීමත් සමඟ මිල ඉහළ දැමීමට බිත්තර නිෂ්පාදකයන් කටයුතු කර ඇති බවයි පාරිභෝගික ජනතාව පවසන්නේ.
මේ අතර ඇතැම් ප්‍රදේශවල බිත්තර හිඟයක් ද පවතින බවට තොරතුරු වාර්තා වනවා.
කෙසේ වෙතත් විවිධ මිල ගණන් ඔස්සේ බිත්තර අලෙවි වීමත් සමඟ මම තත්ත්වය පාලන කිරීමට රජය වහා මැදිහත් විය යුතු බව ජනතාව පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




