අති සුඛෝපභෝගී ‘ඕෂන් ඔඩිසි’ මගී නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

මෙරිකාවේ ධනවත්ම සංචාරකයින් 108 දෙනෙකු රැගත් අති සුඛෝපභෝගී “ඕෂන් ඔඩිසි” නෞකාව අද දහවල් කොළඹ වරායට සේන්දු වුණා.

ඉන්දියාවේ කොචින් වරායේ සිට කොළඹ වරායට පැමිණි මෙම නෞකාව හෙට ත්‍රිකුණාමලය වරාය දක්වා යාත්‍රා කිරීමට නියමිතව ඇති අතර නෞකාවේ පැමිණි සංචාරකයින් කොළඹ, කුරුණෑගල, හබරණ, සීගිරිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සංචාරය කිරීමටද නියමිතයි.

මෙම නෞකාව දෙසැම්බර් 21 දින රාත්‍රියේ ත්‍රිකුණාමලය වරායේ සිට තායිලන්තය දක්වා යාත්‍රා කිරීමට නියමිතයි.