සුබසාධන ප්‍රතිලාභ ලබා ගන්න අයදුම්පත් 3,710,000ක්

සුබසාධන ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අයදුම්පත් 3,710,000ක් මේ වනවිට ලැබී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කරනවා.

එම අයදුම්පත් ජාලගත කිරීම මේ වනවිට සිදුව ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

මීළග අදියර යටතේ නිවෙස් වෙත ගොස් අදාළ තොරතුරු රැස් කිරීම ආරම්භ කිරීමට නියමිත අතර, අදාළ කටයුතු ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් ඇතුලු පාර්ශ්ව අතින් සිදු විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සුබ සාධන ප්‍රතිලාභ මණ්ඩලය යටතේ ප්‍රතිලාභීන් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සාකච්ඡා කිරීම සඳහා වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ පැවති හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහි දී ප්‍රධාන වශයෙන් ම නිවෙස් කරා ගමන් කිරීමට අවශ්‍ය ඉන්ධන ලබාදීම සඳහා දැනටමත් අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇතැයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

ඒ, අනුව දැනට සතියකට ලැබෙන ලීටර් 04 ඉන්ධන කෝටාවට අමතර යම් කාලයක් සඳහා අදාළ නිලධාරීන්ට ඉන්ධන ලබාදීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එහිදී අදහස් දක්වා සිටි රාජ්‍ය අමාත්‍යවරයා,

“මෙම සුබසාධන ප්‍රතිලාභ ලබා දීම සම්බන්ධයෙන් හඳුන්වාදෙනු ලබන නෛතික හා පරිගණක පද්ධතියන්හි යම් යම් ගැටළු හෝ අඩුපාඩු තිබේනම් ඒවා කඩිනමින්‌ වෙනස් කිරීමට එකගතාවයන් පළ කරලා තිබෙනවා. ඒ නිසා මේ සඳහා සහයෝගය දෙන්න. අපේ රටේ නීතියට හැමෝම බයයි. ඒ නිසා වැරදි තොරතුරු ඉදිරිපත් කිරීමේ අවධානම පිළිබඳව ඉදිරියේ දී ජනතාව දැනුවත් කරනවා. නිවැරදි තොරතුරු ලබා දීමට ජනතාව ක්‍රියා කළ යුතුයි. නිළධාරීන් කණ්ඩායමක් ඉලක්ක කරගෙන කටයුතු කරන්න රජයේ කිසිඳු අභිප්‍රායක් නැහැ. ඒ නිසා සියළු දෙනා එකඟව මෙම කටයුත්ත කඩිනමින් ඉටු කරමු.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36