මට තනියම ඉන්න වෙන තැනක් ඕන.ධනුෂ්ක ගුණතිලක ඉල්ලීමක් කරයි

පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුවා.

ඊයේ (16) ධනුෂ්ක ගුණතිලක අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහුගේ නීතීඥවරයා ඉල්ලා සිටියේ ඔහුට තනිවම සිටීම සඳහා නව නිවසකට යාමට අවසර ලබා දෙන ලෙසයි.

දැනට ඔහු ජීවත්වන්නේ ඔහුට උදව් කිරීමට ඉදිරිපත් වූ පුද්ගලයකුගේ නිවසක බවත් දැනට පවතින නඩුව ඉතා දීර්ඝ එකක් වනු ඇති බවත් ඒ හේතුවෙන් ඔහුට තනි නිවසකට යාමට අවසර දෙන ලෙසත් සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ක්ලෙයාර් ෆර්නන් මහත්මියගෙන් අවසර ඉල්ලා තිබෙනවා.

එම ඉල්ලීම සලකා බැලූ සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ක්ලෙයාර් ෆර්නන් මහත්මිය තනි කාමරයක් සහිත මහල් නිවසකට යාමට ධනුෂ්ක ගුණතිලකට අවසර ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?