කොල්ලුපිටිය ගාලු පාරෙදී සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමෙන් ත්‍රීරෝද රථයේ රියදුරු මියයාමෙන් අනතුරුව එම මෝටර් රථයේ පැමිණි කාන්තාවකට මහ මඟ දමා ගෙන පහර දුන් බව කියන ප්‍රධාන සැකකාරිය පානදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇත්තේ වයස අවුරුදු 24 ක කාන්තාවකි.
ඉකුත් 10 වැනි දින සිදු වූ අනතුරින් මියගොස් තිබුණේ කහතුඩුව පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
පහරදීමේ සිද්ධියට සම්බන්ධ පෞද්ගලික සනීපාරක්ෂක සේවයේ නියතු කාන්තාවන් දෙදෙනෙක් කොල්ලුපිටිය පොලිසිය ඉකුත් 10 වැනි දින අත්අඩංගුවට ගෙන මේ වනවිට රිමාන්ඩ් භාරයට පත්කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ප්‍රධාන සැකකාරියක් සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් දැනුම් දෙන ලෙස නිවේදනයක් ද නිකුත් කර තිබිණි.
සැකකාරිය අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.










