ආර්ථිකයේ කඩා වැටීමට රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ වංචා දූෂණ ද බලපෑවා

මෙරට ආර්ථිකයේ කඩා වැටීමට රාජ්‍ය අංශයේ වංචා දූෂණ පමණක් නොව පෞද්ගලික අංශයේ වංචා දූෂණ ද ඒ සඳහා බලපෑ බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

පසුගිය අවුරුදු 12 තුල මෙරටින් ආනයන කල භාණ්ඩ වලින් ලැබීමට තිබූ මුදල් විශාල ප්‍රමාණයක් රහසේ සඟවා ගෙන තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.