ගුවන් තොටුපලේ සිට කොළඹට එන ගුවන් මගීන්ට දුම්රිය මගින් ප්‍රවාහන පහසුකම් සලසා දීමට රජයේ අවධානය

කටුනායක ගුවන් තොටුපලේ සිට කොළඹ දක්වා පැමිණෙන ගුවන් මගීන්ට දුම්රිය මගින් ප්‍රවාහන පහසුකම් සපයා දීම පිළිබඳව අමාත්‍යවරුන්ගේ විශේෂ අවධානය යොමු ව තිබෙනවා.

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර පැවති සාකච්ඡාවකදී මේ බව පැවසුවා.

වාහන හා මහා මාර්ග අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේදී පැවති මෙම සාකච්ඡාවේදී එසේම වරාය පිවිසුම් මාර්ග ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී අමාත්‍යවරුන් අතර සාකච්ඡා කෙරිණි.

රටෙහි පවතින වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, මෙම ව්‍යාපෘති විසින් අඛණ්ඩව පවත්වාගෙන යෑමේ වැදගත් කම පිළිබඳව අමාත්‍යවරුන් දෙපළගේ විශේෂ අවධානය යොමු විය.

විශේෂයෙන්ම ඉදිරියේදී වයස අවුරුදු 60න් විශ්‍රාම යෑමට නියමිත රාජ්‍ය සේවකයින්ගෙන් ඇතිවන පුරප්පාඩු වෙනුවෙන් නව කාර්ය මණ්ඩලය ඒ වෙත අනුයුක්ත කිරීමටත් මෙම ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යෑමට බාධාවක් සිදු නොවන පරිදි කටයුතු කිරීමටත් අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දෙන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාම පා ගමන නිල වශයෙන් ආරම්භ කිරීමට සූදානම් වුණ අයුරු
01:26
Video thumbnail
සාම පා ගමන නිල වශයෙන් ආරම්භ කිරීමට සූදානම් වුණ අයුරු..කොහොමද දෙන ආරක්ෂාව
02:07
Video thumbnail
ගල් අඟුරු විමර්ශනයට ගම්මන්පිල බයවෙයි - ජනපතිගෙන් ඉල්ලීමකුත් කරයි
02:48
Video thumbnail
ලාල් කාන්තට වැඩ වරදියි - හිරේ යන්නත් පුළුවන්
07:17
Video thumbnail
Praharaya | පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:15:16
Video thumbnail
ජයකොඩි ඉල්ලා අස්වුණු හේතුව ගම්මන්පිල හෙළිකරයි
12:07
Video thumbnail
කාදිනල්ගේ කතාවට ගම්මන්පිල උත්තර දෙයි
11:10
Video thumbnail
ස#රාන්ව වෙන කෙනෙක් මෙහෙයවලා නෑ - ගම්මන්පිල සියල්ල හෙළිකරයි
04:31
Video thumbnail
තවදුරටත් පාස්කු ප්‍රහාරය ගැන හොයන එකෙන් පලක් නෑ
04:53
Video thumbnail
අපි කෝච්ච ගෞරවයකින් ද මල් පූජා කරන්න ඒත් මේ..
00:33