spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගුවන් තොටුපලේ සිට කොළඹට එන ගුවන් මගීන්ට දුම්රිය මගින් ප්‍රවාහන පහසුකම් සලසා දීමට රජයේ අවධානය

කටුනායක ගුවන් තොටුපලේ සිට කොළඹ දක්වා පැමිණෙන ගුවන් මගීන්ට දුම්රිය මගින් ප්‍රවාහන පහසුකම් සපයා දීම පිළිබඳව අමාත්‍යවරුන්ගේ විශේෂ අවධානය යොමු ව තිබෙනවා.

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර පැවති සාකච්ඡාවකදී මේ බව පැවසුවා.

වාහන හා මහා මාර්ග අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේදී පැවති මෙම සාකච්ඡාවේදී එසේම වරාය පිවිසුම් මාර්ග ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී අමාත්‍යවරුන් අතර සාකච්ඡා කෙරිණි.

රටෙහි පවතින වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, මෙම ව්‍යාපෘති විසින් අඛණ්ඩව පවත්වාගෙන යෑමේ වැදගත් කම පිළිබඳව අමාත්‍යවරුන් දෙපළගේ විශේෂ අවධානය යොමු විය.

විශේෂයෙන්ම ඉදිරියේදී වයස අවුරුදු 60න් විශ්‍රාම යෑමට නියමිත රාජ්‍ය සේවකයින්ගෙන් ඇතිවන පුරප්පාඩු වෙනුවෙන් නව කාර්ය මණ්ඩලය ඒ වෙත අනුයුක්ත කිරීමටත් මෙම ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යෑමට බාධාවක් සිදු නොවන පරිදි කටයුතු කිරීමටත් අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දෙන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?