කොළඹ විශ්වවිද්‍යාලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට රජය සහය දෙනවා

නීති පීඨය ඇතුළු කොළඹ විශ්වවිද්‍යාලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට රජයේ සහාය ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබූ Back To the Faculty of Law – Law Faculty වැඩසටහනට අද (10) පෙරවරුවේ සහභාගීවීමෙන් අනතුරුව නීති පීඨයේ පීඨාධිපති කාර්යාලයේ පැවති සුහද සාකච්ඡාවේදීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අවස්ථාවට සහභාගී වූයේ මෙරට විධායක ජනාධිපති ධුරයට පත් කොළඹ නීති පීඨයේ පළමු ආදි සිසුවා ලෙස වීම ද විශේෂත්වයකි.

විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එච්.ඩී.කරුණාරත්න, නීති පීඨයේ පීඨාධිපති මහාචාර්ය සම්පත් පුංචිහේවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී එල් පීරිස්, මධුර විතානගේ, ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවීමට සහ ඒ සඳහා ස්ථිර කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී විශ්වවිද්‍යාල බලධාරීන්ට උපදෙස් දුන්නේය.

යටිතල පහසුකම් සංවර්ධනයට වඩා ගුණාත්මකභාවය ඉහළ නංවා ගැනීම තුළින් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල අතරට කොළඹ විශ්වවිද්‍යාලය ගෙන ඒම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් එසේ වුවහොත් විදේශීය සිසුන් ද මෙරටට ගෙන්වා ගත හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

වර්තමානයේ තරම් පහසුකම් නොතිබූ අතීතයේ දී පවා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අධ්‍යාපනය ගුණාත්මකව ඉහළ මට්ටමක පැවති බව ද ජනාධිපතිවරයා ඇතුළු පිරිස සිහිපත් කරා.

image 8
image 10
image 13
image 14
image 9
image 11


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43
Video thumbnail
සමූපකාර සමිතිවල වංචා ගැන මහින්ද හෙළිකරයි - රු.1000 නම් අගට බිංදුවක් දාලා රු.10000 කළා
04:26
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38