spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ විශ්වවිද්‍යාලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට රජය සහය දෙනවා

නීති පීඨය ඇතුළු කොළඹ විශ්වවිද්‍යාලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට රජයේ සහාය ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබූ Back To the Faculty of Law – Law Faculty වැඩසටහනට අද (10) පෙරවරුවේ සහභාගීවීමෙන් අනතුරුව නීති පීඨයේ පීඨාධිපති කාර්යාලයේ පැවති සුහද සාකච්ඡාවේදීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අවස්ථාවට සහභාගී වූයේ මෙරට විධායක ජනාධිපති ධුරයට පත් කොළඹ නීති පීඨයේ පළමු ආදි සිසුවා ලෙස වීම ද විශේෂත්වයකි.

විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එච්.ඩී.කරුණාරත්න, නීති පීඨයේ පීඨාධිපති මහාචාර්ය සම්පත් පුංචිහේවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී එල් පීරිස්, මධුර විතානගේ, ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවීමට සහ ඒ සඳහා ස්ථිර කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී විශ්වවිද්‍යාල බලධාරීන්ට උපදෙස් දුන්නේය.

යටිතල පහසුකම් සංවර්ධනයට වඩා ගුණාත්මකභාවය ඉහළ නංවා ගැනීම තුළින් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල අතරට කොළඹ විශ්වවිද්‍යාලය ගෙන ඒම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් එසේ වුවහොත් විදේශීය සිසුන් ද මෙරටට ගෙන්වා ගත හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

වර්තමානයේ තරම් පහසුකම් නොතිබූ අතීතයේ දී පවා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අධ්‍යාපනය ගුණාත්මකව ඉහළ මට්ටමක පැවති බව ද ජනාධිපතිවරයා ඇතුළු පිරිස සිහිපත් කරා.

image 8
image 10
image 13
image 14
image 9
image 11
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?