ධීවර බෝට්ටු සඳහා ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත නව විදුලි බෝට්ටු ඇන්ජිමක් අත්හදා බලයි

ධීවර කර්මාන්තය සඳහා දැනට භාවිතා කරන සියලුම ධීවර බෝට්ටු සඳහා ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත නව විදුලි බෝට්ටු ඇන්ජිමක් අත්හදා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක ඊයේ (4) ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පානදුර ධීවර වරාය පරිශ්‍ර මුහුදේ දී සිදුකෙරිණි.

භූමිතෙල් මිල ඉහළ යාම හේතුවෙන් ධීවර කටයුතු වලින් ඇතැම් ධීවරයන් ඉවත් වී වෙනත් රැකියාවල නියුතු වීමත් ධීවර ප්‍රජාවගේ රැකියාව සුරක්ෂිත කිරීම සඳහා අමාත්‍යවරයාගේ උපදෙස් මත කහතුඩුව පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක් මගින් මෙම නව විදුලි බෝට්ටු ඇන්ජිම එන්ජිම නිපදවා ඇත.

අමාත්‍යවරයා එම විදුලි බෝට්ටු ඇන්ජිම සවිකළ ධීවර යාත්‍රාවකින් එහි නිර්මාණකරු සමඟ කිලෝමීටර් හතරක පමණ දුරක් සංචාරය කළේය.

එහිදී අමාත්‍යවරයා එම නව විදුලි බෝට්ටු ඇන්ජිමේ නිර්මාණකරු වන චමින්ද රුවන් කුමාර මහතා සමඟ පිළිසඳරක යෙදෙමින් එහි ක්‍රියාකාරිත්වය මෙන්ම නව විදුලි බෝට්ටු ඇන්ජිමේ යම් අඩුපාඩුවක් පවතී නම් ඒවා ද කඩිනමින් සකස් කිරීමටද උපදෙස් ලබාදීම සිදුකෙරිණි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා,

“ඉන්ධන මිල ඉහළ යාමෙන් ධීවර ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා.ඒ පිළිබඳ මාගේ දැඩි අවධානය යොමුවුණා.එහි ප්‍රතිඵලයක් ලෙස කහතුඩුව පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක් මගින් මෙම නව විදුලි ආරෝපණ ධීවර බෝට්ටු එන්ජිම නිෂ්පාදනය කළා.

කිලෝ මීටර් සීයක දුරක් යාමට වැය වන්නේ රුපියල් අසූ හයක් පමණයි එය ධීවර ජනතාවට දැඩි ආර්ථික ශක්තියක්
බවයි මගේ අදහස.ඉතා කඩිනමින් මෙම නව විදුලි බෝට්ටු ඇන්ජිම ධීවර ජනතාව වෙත ලබා දීමට කටයුතු කරනවා.”

එම අවස්ථාව සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ වඩිවෙල් සත්‍යා නන්දන්, සාමාන්‍යාධිකාරී ජනක මුදලිගේ , පානදුර ධිවර වරාය කළමනාකරු මනිල්ක කොඩිප්පිලි මහත්වරුද සහභාගි වූහ

2
3
1
Untitled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56