spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ධීවර බෝට්ටු සඳහා ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත නව විදුලි බෝට්ටු ඇන්ජිමක් අත්හදා බලයි

ධීවර කර්මාන්තය සඳහා දැනට භාවිතා කරන සියලුම ධීවර බෝට්ටු සඳහා ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත නව විදුලි බෝට්ටු ඇන්ජිමක් අත්හදා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක ඊයේ (4) ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පානදුර ධීවර වරාය පරිශ්‍ර මුහුදේ දී සිදුකෙරිණි.

භූමිතෙල් මිල ඉහළ යාම හේතුවෙන් ධීවර කටයුතු වලින් ඇතැම් ධීවරයන් ඉවත් වී වෙනත් රැකියාවල නියුතු වීමත් ධීවර ප්‍රජාවගේ රැකියාව සුරක්ෂිත කිරීම සඳහා අමාත්‍යවරයාගේ උපදෙස් මත කහතුඩුව පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක් මගින් මෙම නව විදුලි බෝට්ටු ඇන්ජිම එන්ජිම නිපදවා ඇත.

අමාත්‍යවරයා එම විදුලි බෝට්ටු ඇන්ජිම සවිකළ ධීවර යාත්‍රාවකින් එහි නිර්මාණකරු සමඟ කිලෝමීටර් හතරක පමණ දුරක් සංචාරය කළේය.

එහිදී අමාත්‍යවරයා එම නව විදුලි බෝට්ටු ඇන්ජිමේ නිර්මාණකරු වන චමින්ද රුවන් කුමාර මහතා සමඟ පිළිසඳරක යෙදෙමින් එහි ක්‍රියාකාරිත්වය මෙන්ම නව විදුලි බෝට්ටු ඇන්ජිමේ යම් අඩුපාඩුවක් පවතී නම් ඒවා ද කඩිනමින් සකස් කිරීමටද උපදෙස් ලබාදීම සිදුකෙරිණි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා,

“ඉන්ධන මිල ඉහළ යාමෙන් ධීවර ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා.ඒ පිළිබඳ මාගේ දැඩි අවධානය යොමුවුණා.එහි ප්‍රතිඵලයක් ලෙස කහතුඩුව පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක් මගින් මෙම නව විදුලි ආරෝපණ ධීවර බෝට්ටු එන්ජිම නිෂ්පාදනය කළා.

කිලෝ මීටර් සීයක දුරක් යාමට වැය වන්නේ රුපියල් අසූ හයක් පමණයි එය ධීවර ජනතාවට දැඩි ආර්ථික ශක්තියක්
බවයි මගේ අදහස.ඉතා කඩිනමින් මෙම නව විදුලි බෝට්ටු ඇන්ජිම ධීවර ජනතාව වෙත ලබා දීමට කටයුතු කරනවා.”

එම අවස්ථාව සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ වඩිවෙල් සත්‍යා නන්දන්, සාමාන්‍යාධිකාරී ජනක මුදලිගේ , පානදුර ධිවර වරාය කළමනාකරු මනිල්ක කොඩිප්පිලි මහත්වරුද සහභාගි වූහ

2
3
1
Untitled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?