කුඩා දරුවෙකු මහල් නිවාස සංකීර්ණයකින් පහළට විසිකළ සිද්ධියේ තොරතුරු රැසක් එළියට

ග්‍රෑන්ඩ්පාස් – සමඟිපුර මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලෙන් පහළට විසි කිරීමෙන් ‘යුසුෆ්’ නැමැති අවුරුදු එක හමාරක කුඩා දරුවෙක් අවසනාවන්ත ලෙස ඊයේ (25) ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස දරුවා පහළට විසිකළ පුද්ගලයා අත්අඩංගුවට ගැනුණු අතර, සැකකරු එම අවස්ථාවේ දී අයිස් මත්ද්‍රව්‍ය භාවිත කර සිහිවිකල්ලෙන් සිටි ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ එම දරුවාගේ මවගේ සහෝදරයා වන අතර, ඔහු එහිදී පොලිසිය හමුවේ පාපොච්චාරණයක් ද සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

“කවුද ඇවිල්ලා මට කියනවා දරුවව විසි කරපන් විසි කරපන් කියලා, ඒ නිසා මම දරුවව විසි කළා” යනුවෙන් එහිදී සැකකරු පාපොච්චාරණය කර තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු 35 හැවිරිදි සැකකරු ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළා.

අදාළ නිවසේ පවුල් තුනක් ජීවත් වන බවත් ඝාතනයට ලක්වූ දරුවාට වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙක් සිටින බවත් පොලිසිය පැවසුවා.

ඝාතනය සිදුකළ සැකකරු ද එම නිවසේම ජීවත්ව සිට ඇති අතර, ඔහු විවාහකයකු බවත් බිරිඳගෙන් වෙන් වී අදාළ නිවසේ ජිවත්ව සිට ඇති බව සඳහන්.

සැකකරු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙක් බවයි හඳුනාගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ හිමි බැහැ දකින්න ගිය විජයදාස රාජපක්ෂ.."අද මූල්‍ය කළමණාකරණය බිංදුවටම වැටිලා"
04:23
Video thumbnail
ක්‍රිකට් ආයතනය ඉදිරිපිට දැඩි උණුසුම්.."බුකී ශම්මි අපිට එපා..ශම්ම් ශම්මි Go Home.."
01:08
Video thumbnail
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැඩි ප්‍රකාශයක්..බූලිවලට තෙල් එකතු කරන්න ගිහින් අමාරුවේ වැ#න්න එපා
07:33
Video thumbnail
අධ්‍යාත්මික නායකයා ඝා#නයේ සතුට සමරන ඉරාන වැසියන්..කට්ටිය උඩ පැන පැන සතුට සමරන්නේ
00:46
Video thumbnail
කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නැහැ..දින 37 - 45කට අවශ්‍ය ඉන්ධන තියෙනවා..
03:50
Video thumbnail
අයතුල්ලා අලි කමේනි ඝා#නය වූ පුවත අසා ඉරාන වැසියන් කණු බදාගෙන හඬා වැලපෙයි
00:53
Video thumbnail
"රත්තරනේ..ඇයි මාව තනි කරලා ගියේ" පෙරලුණු ධීවර යාත්‍රාවේ සිටි තරුණයෙකුගේ සිරුරක් හමුවෙයි
03:49
Video thumbnail
ඉන්ධන මිල ගැන මිනිසුන්ගෙන් චෝදනා..ඉන්ධන පෝළිම් මැද මිනිස්සු බූලිවලට තෙල් පු‍රවන් යන හැටි..
02:28
Video thumbnail
එදා අරගලයට බැහැලම හිටපු කහඳගම අරගලය ගැන අද කියන කතාව.."මම හැමදාම කරන්නේ මෛත්‍රී කරන එක තමයි"
02:17
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ යතුරුපැදියක් ප්‍රපාතයකට පෙරළීමෙන් බිහිසුණු අනතුරක්
03:06