spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුඩා දරුවෙකු මහල් නිවාස සංකීර්ණයකින් පහළට විසිකළ සිද්ධියේ තොරතුරු රැසක් එළියට

ග්‍රෑන්ඩ්පාස් – සමඟිපුර මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලෙන් පහළට විසි කිරීමෙන් ‘යුසුෆ්’ නැමැති අවුරුදු එක හමාරක කුඩා දරුවෙක් අවසනාවන්ත ලෙස ඊයේ (25) ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස දරුවා පහළට විසිකළ පුද්ගලයා අත්අඩංගුවට ගැනුණු අතර, සැකකරු එම අවස්ථාවේ දී අයිස් මත්ද්‍රව්‍ය භාවිත කර සිහිවිකල්ලෙන් සිටි ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ එම දරුවාගේ මවගේ සහෝදරයා වන අතර, ඔහු එහිදී පොලිසිය හමුවේ පාපොච්චාරණයක් ද සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

“කවුද ඇවිල්ලා මට කියනවා දරුවව විසි කරපන් විසි කරපන් කියලා, ඒ නිසා මම දරුවව විසි කළා” යනුවෙන් එහිදී සැකකරු පාපොච්චාරණය කර තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු 35 හැවිරිදි සැකකරු ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළා.

අදාළ නිවසේ පවුල් තුනක් ජීවත් වන බවත් ඝාතනයට ලක්වූ දරුවාට වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙක් සිටින බවත් පොලිසිය පැවසුවා.

ඝාතනය සිදුකළ සැකකරු ද එම නිවසේම ජීවත්ව සිට ඇති අතර, ඔහු විවාහකයකු බවත් බිරිඳගෙන් වෙන් වී අදාළ නිවසේ ජිවත්ව සිට ඇති බව සඳහන්.

සැකකරු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙක් බවයි හඳුනාගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?