ජීවිත දෙකක් බේරාගත් කොස්තාපල්ට පහරදීමක්

මාස 11ක බිලිදා වඩාගෙන සිටි මවට එල්ල කළ මාරාන්තික උදලු පහර වැළැක්වූ කොස්තාපල්වරයාට එම කාන්තාවගේ සැමියා මව සහ නැගණිය එක්වී අමානුෂික ලෙස පහර දී සපා කා ඇතැයි ඉංගිරිය පොලීසිය කියයි.

එයින් බරපතළ තුවාල ලැබූ ඉංගිරිය පොලිසියට අනියුක්ත පොලිස් කොස්තාපල් 96284 වසන්ත ගාමිණී මහතා ඉංගිරිය රෝහල වෙත ඇතුළත් කර ඇත.

උදලු පහර වැදීමෙන් කාන්තාව ද තුවාල ලබා ඉංගිරිය රෝහල වෙත ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් එම පුද්ගලයා සහ 60 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර විසිපස් හැවිරිදි තරුණියක් පලා ගොස් ඇත.

සැමියා පහර දුන් බවට පවසමින් 23 රාත්‍රියේදී ඉංගිරිය ජන උදාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් කුඩා දරුවෙකු වඩා ගෙන
පැමිණ පොලීසියට සිදු කර තිබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ස්ථාන පරික්ෂාවට ගිය අවස්ථාවේදී මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය කියයි.

පොලිස් නිලධාරියා එම නිවස සොයා ගොස් ස්ථාන පරීක්ෂණයට සූදානම් වීමේ දී පෙරදින රාත්‍රියේදි සැමියාගේ පහර කෑමට ලක්වූ කාන්තාව වෙනත් නිවසක රැය ගෙවා ත්‍රීරෝද රථයකින් නිවෙස ඉදිරිපිටට පැමිණ තිබූ බව පොලිසිය කියයි.

ඇය පෙර දින ඇතිවූ සිද්ධිය පොලිස් නිලධාරියට පවසන අවස්ථාවේදී උදැල්ලක් අතැතිව එම ස්ථානයට කඩා වැදුණු සැකකරු එයින් කාන්තාවට වෙර යොදා පහරදීමත් සමගම වහා ක්‍රියාත්මක වු පොලිස් නිලධාරියා අත දිගුකර උදලු පහරේ වේගය බාල කිරීමට සමත්වීමෙන් සැකකරුගේ මාරාන්තික පහරේ වේගය බාල වි කාන්තාව ගේ හිසට උදලු තලය වැදී ඇතැයි පොලිසිය කියයි.

එයින් දැඩි ලෙස කිපුණු සැකකරු ඇය අත දරා සිටි දරුවා උදුරා ගෙන පොළොවේ ගැසීමට සූදානම් වීමේ දී දැඩි පරිශ්‍රමයක් දරා එය ද වළක්වා එම මවට එම ස්ථානයෙන් දිවයන ලෙස කොස්තාපල්වරයා විසින් පවසා තිබූ බව පොලිසිය කියයි

එකී කලබලය මධ්‍යයේ ක්ෂණයකින් ජංගම දුරකථනය ආරක්ෂක හිස්වැස්ම තුළ රුවා ගත් කොස්තාපල්වරයා මේ බව ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දීමට ද පියවර ගෙන තිබිණි.

කොස්තාපල්වරයාට උදැල්ලෙන් පහරදීමේදී උදැල්ලෙ පිටුපස ප්‍රදේශය පමණක් පිට ප්‍රදේශයට වැදීමෙන් කොස්තාපල්වරයාගේ ජීවිතය අනූ නමයෙන් බේරි ඇතැයි පොලිසිය කියයි.

දෙදෙනා හා පොර බැදීමක් සිදුවී ඇති අතර සැකකරු බිම වැටී සිටි කොස්තාපල්වරයාගේ කළව ප්‍රදේශය තදින් සපා කා පලායාමට උත්සාහ දරා ඇති අතර සැකකරුගේ මව කොස්තාපල්වරයාගේ ගෙල මිරිකමින් සිටියදී නැගණිය ඔහුගේ අත සපා කා තිබූ බව පොලිසිය කියයි.

එම ස්ථානයට පොලිස් ජිප් රථයේ පැමිණීමත් සමඟම සැකකරු සහ ඔහුගේ නැගණිය පළා යාමට උත්සාහ කිරීමේදී දැඩි
පරිශ්‍රමයක් දරා සැකකරු සහ ඔහුගේ මව අත්අඩංගුවට ගත් බවත් තරුණිය පලාගොස් තිබූ බවත් පොලිසිය කියයි.

සැකකරු සහ වයෝවෘද්ධ කාන්තාව හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහත්වරුන්ගේ උපදෙස් මත ඉංගිරිය පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇලපාත ගේ නන්දසේන ,අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පාදුක්ක මහත්වරුන් පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුපියල බාල්දුවීම ගැන බන්දුල කට අරියි..වර්ෂයට එන්න ඕනි වාරික මුදල් ප්‍රමාණ 700ක් දැනට ලැබිලා නෑ
01:16
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:31
Video thumbnail
පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියකට විත්තිකරුවන් පස්දෙනෙකුට ම#රණ දඬුවම
01:28
Video thumbnail
බලගතු ඩොලර් වංචාවක් ගැන පාඨලී හෙළිකරයි..ජනපතිට කිට්ටු සමාගම් ගැසට් එකට කලින් ගෙනල්ලා
02:59
Video thumbnail
කතා කරන්න දෙයක් නෑ අපි රටක් විදියට වැටිලා..අපේ රටේ වැඩේ අපි ඔක්කොම එකතුවෙලා ගොඩදාමු
02:33
Video thumbnail
සුළඟක් නිසා වෙච්ච විනාශයක්..ගසක් අධිබලැති විදුලි රැහැනක් මතට වැටී තණමල්විලට විදුලිය විසන්ධි වෙයි
01:47
Video thumbnail
රෝහලට ඩොක්ටර් කෙනෙක් නැති නිසා ගම්මු දැඩි අසරණවෙයි..ඉන්න එකම ඩොක්ටර්ත් පැය 24ම වැඩ..
08:04
Video thumbnail
කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න..බොහෝ ස්ථානවලට 100mm වැඩි තද වැසි
02:45
Video thumbnail
සැප රියෙන් ඇවිත් කළ කැත වැඩේ
00:15
Video thumbnail
අධික වැස්සත් සමඟ කැලණි ගඟේ නවතම තත්ත්වය මෙන්න
00:51