ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේ දී ආගමික කල්ලියක බලපෑම් ?

පසුගිය එක්දින තරග වලදී දක්ෂතා අතර සිටි ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ජාතික කණ්ඩායමට තෝරා නොගැනීම පිළිබඳ ක්‍රිකට් තේරිම් කමිටුවෙන් ලිඛිතව විමසිමක් සිදුකරන ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාශයීය උපදේශක කාරක සභාව පසුගියදා (22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ.

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී යම් ආගමික කල්ලියකට අයත් ක්‍රීඩකයන් පමණක් තෝරා ගන්නා බවට මතයක් පවතින බවත්, පසුගිය කාලය තුළ දස්කම් දැක් වූ චාමික කරුණාරත්න ජාතික කණ්ඩායමට තෝරා නො ගන්නේ උක්ත ආගමික මතවාදයට එකඟ නොවූ නිසා බවට රාවයක් පවතින බව ද මන්ත්‍රීවරු මෙහිදී පැවසුවා.

පසුගිය ‍ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය සහිතව විදෙස්ගත වූ නිලධාරින් පිළිබඳව ද සොයා බැලිය යුතු බවයි මෙම උපදේශක කාරක සභාවේදී යෝජනා වී ඇත්තේ.

මෙහිදී සියළු පහසුකම් සහිතව දිනකට ඩොලර් 800ක වියදම් මුදලක් එක් අයෙකු වෙත ගෙවා ඇති අතර, නිලධාරීන් නොවන පිරිස් ද එම පහසුකම් යටතේ සංචාරයට සහභාගී වී ඇති බව උපදේශක කාරක සභාවට සම්බන්ධ වූ මන්ත්‍රීවරු සඳහන් කළා.

එමෙන්ම, T20, T10 සහ LPL තරඟාවලි පැවැත්වීමේදී මුදල් භාවිතය සම්බන්ධව විධිමත් නියාමනයක් ක්‍රිඩා අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අවශ්‍ය බව මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහනාධාර දීලා දුප්පත්කම නැතිකරන්න බෑ
02:25
Video thumbnail
ඩෙංගු මර්දනය කරන්න ගාල්ලේ බන්ධනාගාරයටත් දුම ගහයි
01:56
Video thumbnail
LPL සීසන් ඊස් බෑක් - ප්‍රේමදාස පිටියේ නවතම දර්ශන මෙන්න
02:55
Video thumbnail
ගල් ඉබ්බෙකුට සමාන රුවක් අනවසර ලෙස කැනීම් කල පුද්ගලයෙකුට වැඩ වරදී
01:21
Video thumbnail
දෙදරු පියෙකුගේ නිසල සිරුරක් හෝමාගම ඇල මාර්ගයක තිබී හමුවෙයි
01:10
Video thumbnail
ගගේයාය ප්‍රදේශයේ නිවසකින් හමුවූ අරුම පුදුම පොල් ගෙඩිය
01:14
Video thumbnail
ලාල් කාන්ත ඇමතිතුමා ප්‍රායෝගිකයි - මන් එතුමාට දොස් කියන්නේ නෑ
02:38
Video thumbnail
කැබ් රථයක් පාලනයෙන් ගිලිහී වාහනත් හ#පගෙන කඩයක් තුළ නැවතුන හැටි
00:39
Video thumbnail
යාල වනෝද්‍යානයට ගිහින් උඩියටිකුරු ගහපු Defender රථය
00:31
Video thumbnail
විභාග කොමසාරිස් ජනරාල්ට, අධ්‍යාපන ලේකම්ට වක්‍ර අල්ලසක් එනවද ?A/L සිසුන්ගෙන් මාස 3ක් අඩු කළේ ඒකද ?
02:33