පසුගිය එක්දින තරග වලදී දක්ෂතා අතර සිටි ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ජාතික කණ්ඩායමට තෝරා නොගැනීම පිළිබඳ ක්‍රිකට් තේරිම් කමිටුවෙන් ලිඛිතව විමසිමක් සිදුකරන ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාශයීය උපදේශක කාරක සභාව පසුගියදා (22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ.
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී යම් ආගමික කල්ලියකට අයත් ක්‍රීඩකයන් පමණක් තෝරා ගන්නා බවට මතයක් පවතින බවත්, පසුගිය කාලය තුළ දස්කම් දැක් වූ චාමික කරුණාරත්න ජාතික කණ්ඩායමට තෝරා නො ගන්නේ උක්ත ආගමික මතවාදයට එකඟ නොවූ නිසා බවට රාවයක් පවතින බව ද මන්ත්‍රීවරු මෙහිදී පැවසුවා.
පසුගිය ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය සහිතව විදෙස්ගත වූ නිලධාරින් පිළිබඳව ද සොයා බැලිය යුතු බවයි මෙම උපදේශක කාරක සභාවේදී යෝජනා වී ඇත්තේ.
මෙහිදී සියළු පහසුකම් සහිතව දිනකට ඩොලර් 800ක වියදම් මුදලක් එක් අයෙකු වෙත ගෙවා ඇති අතර, නිලධාරීන් නොවන පිරිස් ද එම පහසුකම් යටතේ සංචාරයට සහභාගී වී ඇති බව උපදේශක කාරක සභාවට සම්බන්ධ වූ මන්ත්‍රීවරු සඳහන් කළා.
එමෙන්ම, T20, T10 සහ LPL තරඟාවලි පැවැත්වීමේදී මුදල් භාවිතය සම්බන්ධව විධිමත් නියාමනයක් ක්‍රිඩා අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අවශ්‍ය බව මෙහිදී පෙන්වා දී තිබෙනවා.














BORN AGAIN SAHA KATHOLIKA, DAN HEMA THANAMA ALLAGENA INNE KATHOLOKA PIRISA. RANGA PANNE SAMMANA GANNE EYALA. TV RADIO CHANNEL WALATH LOKU PUTU OKKOMA INNE EYALA. EWAYE YANA EKA EKA WEDASATAHAN WALA SAMMANA GANNETH EYALA. CRICKET WALA HITAPU EKAMA BAWUDHDHA NAYAKAYA ARJUNA. ITA KALIN HO PASUWA OKKOMA KATHOLIKA. NAMA GIYA BUSINESS OKKOMA EYALAGE. DP WITHARYI WENAS. ANDUWA GIHIN THIYENNETH EYALATA. EKE INNA WEDA AMATHIKA OKKOMA EYALATA. PASAL KREEDA THARANGAWALA GODAK SAMMANA GANNETH EYALA. SBAWUDHDHAYA EKA PATHTHAKIN WATALANNE MUSLIM SAHA ISMAL, ANITH PATHTHEN KATHOLIKA PERATTO,JVP SAHA NGO, THAWA PATHTHAKIN DEMALA JATIWADHEE ANTHAWADHEE DESHAPALUWO. ARTHIKAYEN 90% WADA PALANAYA KARANNE EYALA. 1960 GANA WALA UNA RAJYA WIRODEEE KUMANTHRANA DEKAMA UNE KATHOLIKA CRISTHIYANI AYA GEN. DAN EKA HEMI HEMIN PATAN ARAN AHENNA KOTASAK GRAHANAYA KARAGENA GILAGENA IWARAYI.