බාල පළිබෝධනාශක සහ වල්නාශක සොයා පරීක්ෂණ

ප්‍රමිතියෙන් තොර පළිබෝධනාශක සහ වල්නාශක අලෙවි කරන අලෙවිසැල් පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය දන්වා සිටියේ ශ්‍රී ලංකාවට කෘෂි රසායන ද්‍රව්‍ය බෙදාහරින ආයතන නියෝජිතයින් සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අතර සාකච්ඡාවක් පැවති බවයි.

කෘෂි රසායන ආනයනය කරන සමාගම්වල නියෝජිතයන් සඳහන් කළේ ඇතැම් පුද්ගලයන් ප්‍රමිතියෙන් තොර පළිබෝධනාශක සහ වල්නාශක වැඩි මිලට අලෙවි කරමින් ගොවීන්ගේ මුදල් සොරකම් කරන බවයි.

එමෙන්ම ප්‍රමිතියෙන් තොර රසායනික නිෂ්පාදන හේතුවෙන් පාරිසරික සහ සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණදීමේ අවදානමක් පවතින බවද පෙන්වා දී තිබේ.

කෘමිනාශක සහ වල්නාශක ශරීරගත වීම හේතුවෙන් මේ වනවිට ගොවීන් 54 දෙනෙක් මියගොස් ඇති බවද වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?