ඇතැම් රාජ්‍ය ආයතන තුළ වෘත්තිය සමිති මාෆියාවක් – අධිකරණ ඇමති

මෙරට ඇතැම් රාජ්‍ය ආයත තුළ වෘත්තිය සමිති මාෆියාවක් සිදුවන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඇතැම් වෘත්තිය සමිති කණ්ඩායම් රැකියාව වෙනුවෙන් වෘත්තිය සමිති කටයුතු කරන බව සඳහන් කළ අමාත්‍යවරයා එම වෘත්තිය සමිතිවල එකම කාර්ය ආයතනයේ වැඩ කටයුතු කඩා කප්පල් කිරීම බවයි පවසා සිටියේ.

ලංකා විදුලිබල මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව එවැනි ආයතන ගණනාවක් මේ වනවිටත් හඳුනාගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?