හෙරෝයින් ජාවාරමේ යෙදුණු බව කියන උකුවෙල ප්රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්රිවරයකු හා කාන්තාවන් දෙදෙනකු මාතලේ කළුදැවල නරිකන්ද ප්රදේශයේදි සැකපිට අත්අඩංගුවට ගත් බව මාතලේ මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය පවසනවා.
සැකකාර මන්ත්රිවරයා ළඟ තිබි හෙරෝයින් මිලිගෑම් 2600ක ප්රමාණයක්ද හා අනෙක් සැකකාර කාන්තාවන් ළඟ තිබී හෙරෝයින් මිලිගෑම් 2500ක ප්රමාණයක් හමුවූ බව පොලීසිය පවසයි.
සැකකාර මන්ත්රිවරයා සොරකම් සහ වෙනත් සිද්ධීන් සදහා අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත්ව ඇප ලබා සිටි අයකු බවත් ඔහුට විරුද්ධව ළමා අපයෝජන සිද්ධියකට මහාධිකරණයේ නඩුවක් පවතින බවත් පොලිසිය පවසයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1